‘බෝනස් වෙබ් සයිට් වලින් ඉල්ල ගන්න’ – ගුවන් සේවා අධිකාරිය ගුගුරයි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 26, 2016

‘බෝනස් වෙබ් සයිට් වලින් ඉල්ල ගන්න’ – ගුවන් සේවා අධිකාරිය ගුගුරයි..!

ගුවන් සේවා අධිකාරියේ පරිපාලනය විසින් සිදුකළ දූෂණ හා අක්‍රමිකතා පසුගිය දින කිහිපයේම විවිධ වෙබ් අඩවි වලින් හෙළි කිරීම හේතුවෙන් මෙවර බෝනස් දීමනාව හිතා මතාම පමා කරන බව එහි සේවකයෝ කියති.

2013 වසරට සාපේක්ෂව 2015 වසරේ ගුවන් සේවා අධිකාරිය 67%ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබාඇති අතර එනම් වාර්ෂික ආදායම රුපියල් මිලියන 1579ක් වන අතර ශුද්ධ ලාභය රුපියල් මිලියන 871කි.

අසිරිමත් නත්තල සමරන විවිධ තලයන්හි නිලධාරීන් කිහිප දෙනකු සිටියද ද්වේශ සහගත ලෙස බෝනස් ලබාදීම නවතා ඇති බව එහි සේවකයෝ පවසති. පසුගියදා සේවකයින් කිහිපදෙනකු එක්ව ප්‍රධානියෙකුගෙන් බෝනස් පිළිබඳ විමසූ විට ඔහු කියා ඇත්තේ ‘බෝනස් ඔය වෙබ් සයිට් වලින්ම ඉල්ල ගනිල්ලා’ යනුවෙනි.

වසර ගණනාවක් පුරාවට තම ඒකාධිපති බලතල පාවිච්චි කරමින් දූෂණ අක්‍රමිකතා සඟවාගත් පාලනාධිකාරියේ නිරුවත වෙබ් අඩවි මගින් හෙලිකිරීම පිළිබඳ අධිකාරී සේවකයින් ස්තූතිය පළ කරයි. මේ අතර ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පසුගිය 22 දා සිය සේවකයිනට බෝනස් දීමනාව ලබාදී ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad