සුපර්මෑන් වෙන්න ආ අගමැති රනිල්ට පාර්ලිමේන්තුවේ 113 සරල බහුතරයත් අහිමි වේ.. ශ‍්‍රීලනිපයත්, දෙමල සන්ධානයක් විරුද්දයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 26, 2016

සුපර්මෑන් වෙන්න ආ අගමැති රනිල්ට පාර්ලිමේන්තුවේ 113 සරල බහුතරයත් අහිමි වේ.. ශ‍්‍රීලනිපයත්, දෙමල සන්ධානයක් විරුද්දයි..

පාර්ලිමේන්තුවේදී 2/3කින් සම්මත කර ගැනීමට සිදුව ඇති සංවර්ධන විශේෂ විධිවිධාන කටුම්පතට 113 සරල බහුතරයද අහිමි වී ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිස මෙම පනතට විරුද්දව ඡුන්දය ලබාදීමට තීරණය කිරීමත් සමග මෙම තත්වය උදා වී ඇත. ඒකාබද්ද විපක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් පනතට විරෝධය දක්වා තිබේ.

උතුරු පළාත් සභාවේද මෙම පනත ඒකමතිකව ප‍්‍රතික්‍ෂෙප වීම නිසා දෙමල ජාතික සන්ධානයද පාර්ලිමේන්තුවේදී පනතට විරුද්ද වීමේ ඉහල ඉඩකඩක් තිබේ. මේ තත්වය මත එක්සත් ජාතික පක්‍ෂයේ ආසන 106 පමණක් පනතට පක්‍ෂව ලැබෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad