බස් වර්ජනය ක්‍රියාත්මකයි - මගීන් අසීරුතාවයක

බස් වර්ජනය ක්‍රියාත්මකයි - මගීන් අසීරුතාවයක
අද (02) පෞද්ගලික බස් දිවයින පුරා වර්ජනයක් ඇරඹීය. ඒ අනුව ඇතැම් ප්‍ර දේශ කිහිපයක හැර එම බස් වර්ජනය ක්‍රියාත්මක කර තිබේ. මේ හේතුවෙන් අද උදෑසන ජනතාව මහත් අපහසුතාවයට ලක් ව තිබිණි.

හෝමාගම, පානදුර, මහරගම, පාදුක්ක ඇතුළු ප්‍ර දේශ ගණනාවක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක අතර ඒ වෙනුවට ලංගම බස් රථ යොදවා තිබේ.
වර්ජනය හේතුවෙන් මගී ප්‍රවාහනය අඩාලවිම වැළැක්විම සදහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා සදහන් කළේ  ප්‍රවාහන කටයුතු සඳදහා ලංගම බස් රථ හැකි උපරිමයෙන් යෙදවිමට පියවර ගෙන ඇති බවයි.

වර්ජනය අඛණ්ඩව පැවතියහොත්  සාමාන්‍ය පෙළ සිසුන් ප්‍රවාහනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. බොහෝ පළාත්වල සිසුන් පාසැලට පැමිණීමද අඩු වී ඇත.  වැරදි කරන රියදුරන්ට රුපියල් 25000ක් දක්වා දඩ මුදලක් මුල් කරගෙන මෙම වර්ජනය පැවැත්වේ. 


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment