පොලිස්පති සර් කිව්වෙ ඇමති සාගලටද? නිලමේ යනු මහේෂ් ගුණසේකරද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

පොලිස්පති සර් කිව්වෙ ඇමති සාගලටද? නිලමේ යනු මහේෂ් ගුණසේකරද?


පොලිස්පති සර් කිව්වෙ ඇමති සාගලටද?
නිලමේ යනු මහේෂ් ගුණසේකරද?


පෙරේදා රත්නපුර ප්‍රදේශයේ පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් සිටියදී පොලිස්පති පූජිත ජයසුන්දරට හදිසියේ දුරකථන ඇමතුමක්  ආ අතර මයික්‍රෆෝන වලට ඇසෙන දුරක සිට ඔහු එය ඇමතීමත් එහිදී කියැවුණ කරුණු වලින් යමක් ගම්‍යමාන වන නිසාත් එය මාධ්‍ය මගින් ප්‍රචාරයවී මේ වනවිට අවුල් සහගත තත්වයක් ඇතිව තිබේ.

පොලිස්පතිවරයාට ආ ඇමතුමේ අනෙක් පසින් කියැවුණ කරුණු අනුමාන කිරීමේදී අසන්නන්ට වැටහෙන්නේ ඔහුට ඇමතිවරයෙකු කථා කර එෆ්සීඅයිඩී යට කට උත්තර දෙන්නට පැමිණෙන අයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස කරනු ලබන නියෝගයකි.

ඇමතුම ලබාදුන් පුද්ගලයාට පොලිස්පතිවරයා ‘සර්’ යනුවෙන්


අමතනු ලැබීම මත ඒ ගැන අදහස් පළ කළ ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ ඒ සර් සාගල රත්නායක ඇමතිවරයා විය හැකි බවයි.

පොලිස්පතිවරයා අත්අඩංගුවට නොගන්නා බවට ඇමතුමේදී පොරොන්දුවක් දුන් ‘නිලමේ’යනු දෙවිනුවර බස්නායක නිලමේ මහේෂ් ගුණසේකර විය හැකියයි පාර්ලිමේන්තුවේදී විමලවීර දිසානායක මන්ත්‍රීවරයා සැක පහළ කළේය.

මෙම කාරණාව රූපවාහිනී නාලිකාවලින් ජනපතිවරයාද නරඹා තිබුණ අතර ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටි ජනපතිවරයාගෙන් මේ ගැන විමලවීර දිසානායක මන්ත්‍රීවරයා කරුනු විමසූ අවස්ථාවෙහි
පොලිස්පතිවරයා හැසිරුණු අන්දම වැරදි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූ අතර ඒ ගැන සොයා බලන බවද දන්වා සිටියේය.
මෙම සිදුවීමට අදාළ වීඩියෝව පහතින්



No comments:

Post a Comment

Post Bottom Ad