බන්ධනාගාරගතවන ප්‍රභූවරුන්ට බොරු ලෙඩ පෙන්වා රෝහලට යවන වෛද්‍යවරයා හසුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

බන්ධනාගාරගතවන ප්‍රභූවරුන්ට බොරු ලෙඩ පෙන්වා රෝහලට යවන වෛද්‍යවරයා හසුවේ


බන්ධනාගාරගතවන ප්‍රභූවරුන්ට බොරු ලෙඩ පෙන්වා
රෝහලට යවන වෛද්‍යවරයා හසුවේ

පසුගිය කාලය පුරා විවිධ අවස්ථාවල අධිකරණ නියෝග මත බන්ධනාගාරගත වන ප්‍රභූවරුන් සිරගතවන දිනයේම රෝහලට යවා සිරගතවීමේ අමිහිරි අත්දැකීම සැපපහසු විවේකයක් බවට හරවන ක්‍රමවේදයක් පැවති බව නොරහසකි. 

සාමාන්‍ය කාරණාවකට දින කිහිපයකට සිරගතවන අය පමණක් නොව
මරණීය දණ්ඩනය ලැබ සිරගතවන ප්‍රභූන් පවා මෙම පහසුකම අත්විඳින්නට සමත්ව ඇත්තේ මේ සියල්ලන්ට වෛද්‍ය නිර්දේශය යයි දන්වමින් බොරු ලෙඩ අනුමත කරන මුදලට හෝ හිතවත්කමට වෛද්‍ය වෘත්තිය පාවා දෙන වෛද්‍යවරයෙකු නිසාය.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු මේ

සියල්ලට මුල්ව ඇති බව  සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සිදු කළ පරීක්‌ෂණයක්‌ මගින් මේ වනවිට අනාවරණයවී තිබේ.

අධිකරණ නියෝග මත බන්ධනාගාරගත වන ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම පිළිබඳව සැකයක්‌ මතුවූ බවත්, ඒ පිළිබඳ සොයා බලා හැමවිටම එම නිර්දේශය ලබාදෙන අය කවුද කියා වාර්තාවක්‌ තමන්ට ලැබී ඇති බවත්, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ගම්පහ පැවති රැස්වීමකදී මෙසේ කියා සිටියේය.

"බන්ධනාගාර රෝහල අයිති බන්ධනාගාර දෙපාර්තමේන්තුවටයි. රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. බන්ධනාගාර රෝහලේ සිටින එක්‌ වෛද්‍යවරයෙක්‌ අධිකරණ නියෝග මත බන්ධනාගාරගත වන ප්‍රභූවරුන් සමඟ සම්බන්ධතා පවත්වනවා. 

එම ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගන්නවා. මේ පිළිබඳ මට වාර්තාවක්‌ ලැබී තිබෙනවා. එය පදනම් කරගෙන පරීක්‌ෂණයක්‌ සිදු කිරීමෙන් පසු දැඩි ක්‍රියාමාර්ග ගන්නවා."

No comments:

Post a Comment

Post Bottom Ad