පිචං මංගලගේ මඩ බලකාය වැඩ අරඹයි… ජාතිවාදය අවුලුවා රාජපක්ෂලා බිලි ගැනිමේ මෙහෙයුම එළියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

පිචං මංගලගේ මඩ බලකාය වැඩ අරඹයි… ජාතිවාදය අවුලුවා රාජපක්ෂලා බිලි ගැනිමේ මෙහෙයුම එළියට

ජාතිවාදය පතුරුවා ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ රදවා ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

කාලයක් නතර වි තිබු අන්තවාදි කණ්ඩායම් පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන් යලිත් අවදි වි සිටින අතර ඔහුන් භාවිතා කර ගනිමින් බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිමේ ඉතාමත් සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ හරහා බෙදුම්වාදීන්ට බරපතලම අභියෝගයක් වි සිටින රාජපක්ෂවරු මර්දණය කිරිමේ යහපාලන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කළා.

කියවන්න –රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරිමට ජනතාවගේ ඇස් බදින නානසාර සහ ඩිල්දාස....

එම මෙහෙයුම හරහා බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට මෙන්ම එජාප නයකයාට අවශ්‍ය වන පරිදි ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරිම හරහා රාජ්‍ය බලය අල්ලා ගැනිමටද මෙම මෙහෙයුමේ අරමුණ වි තිබේන බවද අප අවස්ථා ගණනාවකම අනාවරණය කළා.

එම අනාවරණයන් තවදුරටත් තහවුරු කරමින් අද මංගලගේ මඩ බලකායේ ගොලයන් ශ්‍රීලනිපයේ පඩත්තල මහා ලේකම් වන දුමින්දට අයත් මඩ පත්තරය වන සත්හඩ පුවත් පතේ අප කල අනාවරණය තහවුරු කරමින් අතේ රෝලක් ගසා තිබේ.

චතුරිකා සිරිසේන මිළට ගත් මිරර් වෙබ් අඩවියට පච ලියන මාධ්‍යවේදීයෙකු යැයි කියා ගන්නා අයෙකු විසින් මෙම අතේ රෝල ගසා ඇති අතර ඒම පුවත් සහ නානසාර,ඩිලන්ත,රුවන්,විජයදාස සහ රනිල් -මෛත්‍රී එක්ක ගහන ඩිල් එක පිළිබඳව අප කල අනාවරණයන් සියල්ලම තහවුරු කර තිබේ.

අදාළ මඩ පුවත හරහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙලින්ම ඉලක්ක කර ඇති අතර සිරිසේනලාගේ බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගැනිම සදහා මේ දිනවල දියත් කර තිබේන ජාතිවාදී ගැටුම් ඇවිලිම සදහා රාජපක්ෂලා සම්බන්ධ කරමින් එම පුවත පලකර තිබේ.

උපුටා ගැන්ම දුමින්දගේ “සත්හඩ” මඩ පත්තරයෙනි...

මුස්ලිම්-ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාද් සංවිධානයත් සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයත් ඇතුළුව අන්තවාදී සංවිධාන ගණනාවම රාජපක්ෂ සමයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් පෝෂණය කරනු ලැබූ සංවිධාන බවට මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට පැහැදිලි සාක්ෂි හමු වී ඇත.2008 වසරේ දී මරදානේ මුස්ලිම් පල්ලියක විදේශ මුල්ලාවරුන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළි කරනු ලැබ ඇත්තේ ද මෙම පුද්ගලයා විසිනි. 

සිංහල අන්තවාදීන් සහ මෙම මුස්ලිම්අ න්තවාදීන් යන කොටස් දෙකම මෙහෙයවීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු වන මේ වන විට විශ්‍රාමිකව සිටින මේජර් ජෙනරාල් එන්. එස්. ආර්. සොයිසා විසින් සිදු කරනු ලැබ ඇති බවත් අනාවරණය වේ. මේජර් ජෙනරාල් සොයිසා පසුගිය ජනාධිපතිවරණය සමයේ ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ද විය.

ජනවාරි 08 බලය පැහැර ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී සැලසුමක් ක්‍රියාවට නැගීමට ද මෙම මෙහෙයුම් කමිටුව සූදානමින් පසුවූ බව ද පසුව හෙළි විය. එම කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ නමුත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු ද යටපත් විය. පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි විසින් තමන්ට එරෙහිව ප්‍රකාශයක් සිදු කළාය යනුවෙන් කළ පැමිණිල්ල අනුව මෙම තවුහිද් ජමාද් සංවිධාන ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සිදු වූ නමුත් මෙම සංවිධාන දෙකම එකම ගෙවීම් ලැයිස්තුවක සිටි කණ්ඩායම් වේ. 

ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම තම අනුගාමිකයන් පවා බරපතළ රැවටීමකට ලක් කරමින් මෙරට පුරවැසියන් ජාති සහ ආගමික ගැටුම් සඳහා පොලඹවනු ලැබූ මානව විරෝධී කණ්ඩායම් දෙකක් බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර රටේ සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.

උපුටා ගැන්ම අවසන්...

කියවන්න –2019 තෙක් ගෝඪාව හිරේ දමා ..රනිල් ජනපති විමට ගහන ගේම සහ සිරිසේනගේ ඉල්ලන් කෑම...

මේ අතර පසුගියදා ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන හට විකුණා දැමු විවිධ බොරු කතා මවමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ගේ චරිතය නිරූපණය කරන කූප්‍රකට පච නිර්මාණය කිරිමේ පිංපියා වන මංගල සමරවිරගේ ගෝලයා වන රුවන් ෆර්නැන්ඩස්ගේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය හරහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර අසත්‍ය පුවතක් පලකර තිබේන අතර ඒ හරහා අනාත වි සිටින පිංපි සිරිසේනගේ දෙපතුල් ලග ගෝඨාභය වැනි අයෙකු වැටි ඇති බව තහවුරු කිරිමට උත්සහ දරා තිබේ.

උපුටා ගැන්ම චතුරිකා සමග නිදිවදින මිරර්...

තමන්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නිලධාරියකු ලෙස වැඩ කළාට වඩා පහසුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා
එක්ක වැඩ කළ හැකි බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පණිවිඩයක් එවා ඇති බව ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


මෙම පණිවිඩය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානියකු විසින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත. ඔහු පසුගිය මාස කිහිපය තුළ රාජපක්ෂවරු සහ ජනාධිපතිවරයා අතර එකඟතාවක් ඇති කිරීම වෙනුවෙන් සාකච්ඡා කිහිපයක නිරතව සිටි බවත් දැනගැනීමට තිබේ.

උපුට ගැන්ම අවසන්...

කියවන්න –රුවන් ..චතුරිකා සමග යහනට….Mirror යලි ගණිකා වෘත්තීයේ...

අප අදාළ පුවත සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසු අතර ඔහු සදහන් කළේ තමන් සිරිසේන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කල බවට බොරු වාර්තා සැපයු අයගේ තවත් බොරුවක් බවත් තමන්ට රට බෙදන බෙදුම්වාදීන් සමග කිසිදු ගණුදෙනුවක් නොමැති බවයි.මේ අසත්‍ය මඩ ප්‍රචාර සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුල මාධ්‍යයට ප්‍රකාශයක් කරන බවද ඔහු සදහන් කළා.

මංගලව පිචං විම හා රාජපක්ෂලාට මඩ ගැසිම ………

යහපාලන ආණ්ඩුවට එල්ල වන මාධ්‍ය ප්‍රහාරයන්ට එ‍රෙහිව ඊට පිළිතුරු සැපයීමේ මාධ්‍ය මෙහෙයුම තමන්ට භාරදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් කල ඉල්ලිම එකහෙලාම ඉවත දමා ඇති අතර රනිල් මංගලගේ මුණටම පවසා ඇත්තේ…”මංගල ..ඔයාට දැන් වැඩ බෑ…ඔයා කියන දේවල් මිනිස්සු විශ්වාස කරන්නේ නෑ ” යනුවෙනි…

මේ අතර ජනාධිපතිවරයා සහ පවුලේ සමාජිකයන් ඉලක්ක කර මංගලගේ මඩ ගොලයා වන තුසිත විසින් එල්ල කල මඩ පුවත් හේතුවෙන් ජනාධිපතිවරයාද මංගලට කෙලින් පිළිතුරක් දි නොමැති අතර “ඔවා හරියන්නේ නෑ ..මංගල ” යනුවෙන් පවසා තිබේ.

අගමැතිවරයාගේ මාධ්‍ය සටන කිසිදු වියදමකින් තොරව අර්ජුන් මහේන්ද්‍රන් විසින් මේ වනවිටත් ආරම්භ කිරිමත් සමග මංගල,රුවන් ඇතුලු කප්පම් වෙනුවෙන් මඩගහන කණ්ඩායම දැඩි ලෙස කලබලයට පත්ව සිටින අතර දිගින් දිගටම රාජපක්ෂලා ඉලක්ක කර අසත්‍ය මඩ ප්‍රචාරය කිරිම වෙගවත් කිරිමට කටයුතු කරමින් සිටි.


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad