පොලිසියට පහරදුන්නැයි චෝදනා ලද මන්ත්‍රී ජගත් කුමාරට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

පොලිසියට පහරදුන්නැයි චෝදනා ලද මන්ත්‍රී ජගත් කුමාරට ඇප


පාර්ලිමේන්තු වටරවුමේ පැවැති සමෘද්ධි නිළධාරින්ගේ විරෝධතාවකදී පොලිසියට පහරදුන් බවට අධිකරණයට ඉදිරිපත් වු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇප මත මුදාහැර තිබේ.

ජගත් කුමාර මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් අද කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වූ ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. පසුගියදා පාර්ලිමේන්තු වටරවුමේ පැවැති සමෘද්ධි නිළධාරින්ගේ විරෝධතාවයේදී ඔහු පහරදුන් බවට පොලිසිය පැමිණිලි කර තිබේ.

ජුලි මස 11 වනදා දක්වා කල්තැබීමට ද සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරීමටද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය නියෝග කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad