අහිමි අත විවාහයට ප්‍රශ්නයක් නොවන බව ලොවට කියූ අම්පාරේ ඉංජිනේරු පෙම් යුවළ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

අහිමි අත විවාහයට ප්‍රශ්නයක් නොවන බව ලොවට කියූ අම්පාරේ ඉංජිනේරු පෙම් යුවළ


හදවතේ ආදරය විවාහයකින් සඵල කොට
අහිමි අත ප්‍රශ්නයක් නොවන බව ලොවට කියූ
අම්පාරේ ඉංජිනේරු පෙම් යුවළ


ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ විවාහ උත්සව නිරන්තරයෙන්ම වාර්තා කරන අපට අද ප්‍රසිද්ධ නොවන දෙදෙනෙකුගේ විවාහ උත්සවයක් ගැන කියන්නට සිදුව ඇත. එය නොකියාම බැරිවී තිබෙන්නේ ඒතුළ ගැබ්වුණ උතුම් මානව ගුණය හා සැබෑ ප්‍රේමයේ මුහුණුවර හඳුනාගන්නට ලැබෙන නිසාය.

ඊයේ (4) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී ඒ විශේෂ විවාහ උත්සවය පැවැත්වුනේ චමත් සහ ශාලිකා යුවළ අතරේය. එම මනාලයාගේ දකුණු අත අහිමිය. නමුත් පාසල් කාලයේ සිට පැවති අව්‍යාජ පෙම ඒ අහිමි අත නිසා අහිමිවී තිබුනේ නැත. වෘත්තියෙන් ඔවුන් දෙදෙනාම පරිගණක ඉංජිනේරුවන්ය.

ඔවුන් දෙදෙනාම අම්පාරේ දුෂ්කර ගමක හැදී

වැඩුනු අය වෙති. පසු කලෙක කොළඹට පැමිණ වැඩිදුර අධ්‍යාපනය ලබා පරිගණක ක්ෂෙත්‍රයට ඔවුන් පිවිස ඇත. චමත් සිය පරිගණක උපාධිය ලබාගත්තේ ඕස්ට්‍රේලියානු සරසවියකිනි.

ශාලිකා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පරිගණක උපාධිය සම්පූර්ණ කළාය. දෙදෙනාම දැන් සේවය කරන්නේ වර්තුසා ආයතනයේය. ජීවිතයේ අවාසනාවන්ත දිනයකදී සිදුවූ අනපේක්ෂිත අනතුරකින් චමත්ගේ අතක් අහිමිවී ගියද බොහෝවිට සිදුවන ආකාරයට මෙම පෙම් කතාව එතැනින් අවසන්වූයේ නැත. 

ප්‍රී වෙඩින් ෆොටෝ ෂූට්, හයි ක්ලාස් හොටෙල් සියල්ල සම්පූර්ණ නූතන තරුණයින් සිහින මවන අලංකාර මංගල උත්සවයක්ද පවත්වා ඔවුන් ලෝකයට හඬගා පැවසූයේ හැමදේටම වඩා හදවතේ ප්‍රේමය බලවත් බවයි.

චමත් සිය ෆේස් බුක් පිටුවේ Intro එකෙන් තමාව හඳුන්වා ඇත්තේ  I'm the Luckiest man on the Earth
ලෙසිනි.

එම විවාහ උත්සවයේ සහ ඊට පෙර ලබාගත් ඡායාරූප එකතුවක් පහතින්...
http://ift.tt/2gakgOY

No comments:

Post a Comment

Post Bottom Ad