ශ‍්‍රීලනිපය සමග හවුල තවත් නම් බෑ.. වහා එජාප ආණ්ඩුවක් හදන්න.. – එජාප මන්ත‍්‍රින් රනිල් කියති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 26, 2016

ශ‍්‍රීලනිපය සමග හවුල තවත් නම් බෑ.. වහා එජාප ආණ්ඩුවක් හදන්න.. – එජාප මන්ත‍්‍රින් රනිල් කියති..

තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග හවුල් ආණ්ඩුවක හිදීමෙන් කිසිදු තේරුමක් නැති නිසා හැකි ඉක්මනින් එක්සත් ජාතික ඵක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රිවරුන් පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

එජාපය මංකොල්ලකරුවන් පිරිසක් බවත් ශ‍්‍රීලනිප නිසා මංකොල්කරුවන්ගෙන් රට මේ තරමට හෝ බේරාගත හැකිව තිබෙන බවටත් ශ‍්‍රීලනිප ඇමතිවරුන් විසින් මතයක් සමාජගත කර ඇති බවත් මේ තත්වය පක්‍ෂයටද දැඩි ලෙස අවාසිදායක බවත් එම මන්ත‍්‍රී පිරිස පෙන්වා දී ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවණයට පෙර ස්ථිර අදහසකට නොපැමිණියහොත් එයද බිම් මට්ටමේදී අවාසි වනු ඇතැයිද මොවුන් දන්වා ඇත. කෙසේ වෙතත් අගමැතිවරයා මීට සෘජු පිලිතුරක් ලබා දී නැති අතර ඉදිරි දිනකදී සාකච්චා කර බලා තීරණයක් ගන්නා බව පමණක් සදහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad