සාගලගේ කණට ගැසු පොලිස්පතිගේ පොලිෂ් මෙහෙයුම…ඇමති මෙන්න..නිළමේ මෙන්න… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

සාගලගේ කණට ගැසු පොලිස්පතිගේ පොලිෂ් මෙහෙයුම…ඇමති මෙන්න..නිළමේ මෙන්න…

ඊයේ පැවැති උත්සවයකදී පොලිස්පති පුජිත් ජයසුන්දර මාධ්‍ය කැමරා සහ මයික්‍රපෝන ඉදිරියේම මාධ්‍යවේදීන්ට පටිගත කරගත හැකි වන ලෙස නීතිය සහ සාමය පිළිබඳව අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායකගේ ඇමතුමට ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් පිලිතුරු ලබා දි ඇත්තේ උවමනාවෙන්ම අමාත්‍යවරයා අමාරුවේ දැමිමට බව අනාවරණය වි තිබේ.

මිනරල් සෑන්ඩ් නමැති ආණ්ඩුවේ ආයතනයෙහි සභාපතිව සිටි සමයේ සිදුවූ වාහන අවභාවිතාවක් සම්බන්දයෙන් දෙවිනුවර බස්නායක නිළමේ ඩිශාන් ගුනසේකර යන අය FCIDයට කැදවා ඇති අතර ඔහු අත් අඩංගුවට නොගෙන මුදාහැරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිය සහ සාමය පිළිබඳව අමාත්‍ය සාගල රත්නායක පොලිස්පතිවරයාට නියෝග කර තිබේන අතර අදාළ නියෝගයට අනුව කටයුතු කලේද යන්න පොලිස්පතිගෙන් විමසිමට ඇමතිවරයා ඇමතුම අරගෙන තිබේ.

පොලිස්පති පුජිත් ජයසුන්දර ඉවත්කිරිම සදහා අවස්ථා ගණනාවක අගමැති රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක කුමන්ත්‍රණය කරමින් සිටි අතර පසුව සිරිසේන සමග සමීපව කටයුතු කල පුජිත සාගල එම අමාත්‍යාංශයේන් ඉවත් කිරිම සදහා කුමන්ත්‍රණයක් දියත් කල බව අප මිට පෙර අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.

අදාළ ඇමතුම මාධ්‍යට අනාවරණය කරමින් පොලිස්පතිවරයා සාගල කුජිත කිරිම සදහා සියුම්ව එම කුමන්ත්‍රණය දියත්කර ඇති බව අනාවරණය වුයේ අද දහවල් පොලිස්පති පුජිත් ජයසුන්දර පොලිස් මුලස්ථානයේදි සිය ඇම්බැට්ටයන් හමුවේ කර ඇති ප්‍රකාශයෙනි…..

ඊයේ (30) රත්නපුරේ පැවති පොලිස් දෙපාර්තමේන්තුවේ සැමරුම් උත්සවයක් අතර එම උත්සවය අමතමින් සිටියදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමකට ඔහු පිළිතුරු දුන් ආකාරය පිළිබඳව මාධ්‍ය හරහා සිදුවන අනාවරණයන් පිළිබඳව පොලිස් මුලස්ථානයේ ජයසුන්දර ඇම්බැට්ටයන් කල විමසිමේදි ….

“මම ඔය අනිත් එවුන් වගේ නෙවේ…. මම ගහන්නේ මොලේන් …ඔබලත් එක ඉගෙන ගනින්…. මම එක ගලෙන් කුරුල්ලෝ දෙකක් තුනක් බිම දානවා…” යනුවෙන් සිනාසෙමින් පොලිස්පතිවරයා පවසා තිබේ. ඒ අනුව සාගල මෙන්ම තමන්ගේ පොලිස්පතිකමට කෙලවිමට ආසන්නම පුද්ගලයා වන FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරද ඉලක්ක කර මෙම ඇමතුමට ප්‍රසිද්ධියේම පිළිතුරු දුන් බව දැන් තහවුරු වි තිබේ.

ආබාධිත රණවිරුවන් ඉලක්ක කර පහරදිමට පොලිස්පතිවරයා කටයුතු කලේ නීතිය සා සාමය පිළිබද අමාත්‍ය,අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායකගේ කීමට අනුව බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සාගල නීතිය සා සාමය පිළිබද අමාත්‍යධුරයෙන් ඉවත් කලයුතු බවට ජනාධිපතිවරයා අගමැතිවරයාට යෝජනා කිරිමට යෑම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ රනිල්-සිරිසේන අළු යට ගින්දර යලි මතුව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

කියවන්න දැනගන්න – සාගල දොට්ට දැම්මොත් ….ශ්‍රීලනිප බත් බැලයන්ට හොද පාඩමක් උගන්වනවා…. රනිල් කිපේ

නීතිය සා සාමය පිළිබද අමාත්‍ය,අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායක මහතා වහාම ඉවත් කිරිමට කටයුතු කිරිම හරහා පමණක් පොලිසීය ස්වාධිනව පවත්වා ගැනිමට හැකියාව ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර ජනාධිපතිවරයා හමුවි ප්‍රකාශයක් කර ඇති අතර ඒ අනුව නීතිය සා සාමය පිළිබද අමාත්‍යංශය සාගලගෙන් ගලවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ අමාත්‍යවරයෙකුට ලබාදිම සම්බන්ධයෙන් අවධාණය යොමුවි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

කියවන්න දැනගන්න – පොලිස්පති සාගලගෙන් පලිය ගනී-සාගල දොට්ට දාන්න යැයි ජනපතිට කියයි-අගමැති,ජනපති හමුව ජනපති මගහරි

එජාපයට අවාසිදායක මෙන්ම එජාපයේ ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම විනාශ කරමින් සිරිසේන ජනාධිපතිවරයාට කඩේ යන ප්‍රා නායක පාඨ්ලීගේ ගෝලයා වන පොලිස්පති පූජිත් ජයසුන්දර ඌරාගේ මාලූ ඌරාගේ පිටේම කපා දැමිමේ තියරියට මේ සතියේ ලක්කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායක මෙහෙයුමක් දියත් කර තිබේ. 

ඒ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රමුඛ ශ්‍රී ලංකා ‍පොලීසියේ ඉහළ නිලධාරීන් සියලු දෙනාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව මේ සතියේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති අතර පුජිත ඉදිරියේම පොලිස්පති ධුරයට පත්වීමෙන් පසු මාස හතරක කාලය තුළ ශ්‍රී ලංකා ‍පොලීසියේ ඇති වූ ප්‍රගතිය පිළිබඳව විමසිමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.

කියවන්න දැනගන්න – පුජිතගේ මාලු පුජිතගේම ඇගේ කපයි,පුජිතට ගෙමක් දෙන්න රනිල්,සාගල මෙහෙයුමක්!

එජාප ආණ්ඩුව පවත්වා ගැනිම සදහා FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පොලිස්පති ධුරයට පත්කිරිම අනිවාර්යයෙන් කලයුතු වැඩක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එජාප රනිල් පිළේ ප්‍රභලයන් සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.අදාළ සාකච්ඡා සදහා එකතු වි සිටි පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායකද එය අනුමත කර ඇති අතර රාජපක්ෂලා සහ ඔහුගේ අනුගාමිකයන් මර්දනය කිරිම සදහා කටින් පමනක් නොව ක්‍රියාවෙනුත් වැඩ පෙන්විමට වෛද්‍යලංකාර සමත්ව ඇති බවයි සාගල එහිදි පෙන්වා දි ඇත්තේ.

කියවන්න දැනගන්න – පොලිස්පති ධුරය පුජිත්ට අහිමි වෙයි…FCID ලොක්කා පොලිස්පති!



උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad