ජාතික‍ බෞද්ධ බුද්ධි බලමණ්ඩලය රැස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

ජාතික‍ බෞද්ධ බුද්ධි බලමණ්ඩලය රැස්වෙයි

ජාතික‍ බෞද්ධ බුද්ධි බලමණ්ඩලය රැස්වෙයි
ඊයේ (30) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් "ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය" රැස්වී තිබේ.
මෙම රැස්වීම ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති අතර එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ 05 වන අවස්ථාව ලෙස වාර්තා වේ.

මෙහිදී ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවරයන් පිළිබඳ ක්ෂේත්‍ර 04ක් යටතේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවී තිබේ. පිරිවෙන් අධ්‍යාපනය, සාමනේර ආයතන, ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානය ගොඩනැගීම, 2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය යන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මහාචාර්ය නාබිරිත්තන්කඩවල ඤාණරතන ස්වාමීන්වහන්සේ පිරිවෙන් අධ්‍යක්ෂක ලෙස පත් කිරීමෙන් පසුව පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රගතිය දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. මෙහිදී සාමනේර ආයතන පිළිබඳ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බුද්ධ ශාසන අමාත්‍යංශය වෙත උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජාත්‍යන්තර ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේදී පිහිටුවීම පිළීබඳව අවධානය යොමු වී ඇති අතර බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත කඩිනම් කර පාර්ලිමේන්තුවට ගෙනඒමටද පාර්ශවයන් එකඟතාව පළ කර තිබේ. 2017 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව ද ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලාංකික බෞද්ධ නාහිමිපාණන් වහන්සේලාග් සහ බෞද්ධ උගතුන්ගේ සහය වැඩි වශයෙන් ලබාගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad