'ඥාණසාර උඹ හිතුවද අපි දුවයි කියලා? අපි හිසනමන්නේ අල්ලාට පමණයි' බුකිය ඇවිලූ රාසික්ගේ ප්‍රකාශය (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 6, 2016

'ඥාණසාර උඹ හිතුවද අපි දුවයි කියලා? අපි හිසනමන්නේ අල්ලාට පමණයි' බුකිය ඇවිලූ රාසික්ගේ ප්‍රකාශය (VIDEO)

බාල වයස්කාර දැරියන් විවාහ කරගැනීමට හැකි පරිදි මුස්ලිම් සමාජයේ පවතින නීති සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා තව්හිඩ් ජමාත් සංවිධානය පසුගිය දා උද්ඝෝෂණයක් පැවැත්වූවා.

එහි දී නැගුණු සටන් පාඨ සහ ඡායාරූප විවිධාකාර ලෙස සමාජ ජාල තුළ විවේචනයට ලක්වන අයුරු පසුගිය දින කිහිපය පුරාම දැකගැනීමට හැකි වුණා. එම උද්ඝෝෂණයේ දීම ගත් තවත් වීඩියෝවක් මේවන විට මෙරට සමාජ ජාල උණුසුම් කරමින් පවතිනවා.

තව්හිඩ් ජමාත් සංවිධානයේ මහලේකම් ආර්. අබ්දුල් රාසික් මහතා එහි දී පැවැත්වූ දේශණය විශේෂයෙන්ම ආන්දෝලනාත්මක වී තිබෙනවා. බාලවයස්කාර දැරියන් විවාහ කරගැනීම සාධාරණීකරනය කරමින් ඔහු ඇතැම් අදහස් පළ කළ අතර එමෙන්ම බොදු බල සේනා සංවිධානය සහ එහි මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ද නිර්ධය ලෙස බැණ වැදුණා.

"එක සංවිධානයක් ඉන්නවා, මැරුණු සංවිධානයක්. බොදු බල සේනා සංවිධානය. එය බොදු බලයක් නෙවෙයි. එය බලු සේනා සංවිධානයක්. කොන්ද පණ නැති සංවිධානයක්. පිරිමිකමක් නැති සංවිධානයක්. අපිව නවත්තන්න උඹටත් බෑ උඹගේ තාත්තටත් බෑ. ඥාණසාරටත් බෑ, නෝනසාරටත් බෑ. අපිව නවත්තන්න? මොනවද හිතන් ඉන්නේ? ඥාණසාර උඹ හිතුවද, මේවා දැකලා බයට පත් වෙලා දුවලා හැංගිමුත්තන් සෙල්ලම් කරන සමාජයක් කියලා? 


උඹව උඹේ සමාජෙම පිළිගත්තේ නෑ. අපේ සමාජය කියන්න ඕනෙද? උඹව කොහොමත් පිළිගන්නේ නෑ. උඹව ගනන් ගන්නේත් නෑ. උඹ වගේ හොර තක්කඩි, බොරු කියන, මුලා කරන, මත්පැන් බොන බේබද්දෙක්ට අපි කවදාවත් හිතලා බලලා සලකලා අපේ තීරණ ගන්නේ නෑ. අපේ වැඩ ටික අපිට කරන්න දීපන්. අපි කරන්නේ ත්‍රස්තවාදයක් හෝ අන්තවාදයක් නෙවෙයි. උඹට මොනවද නොරුස්සන්නේ? උඹේ ජනතාව වෙනුවෙනුත් අපි හඬ නගනවා. 

සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙනුත් අපි හඬ නගනවා. උඹේ ජනතාව වෙනුවෙන් උඹට හඬ නගන්න ඕනෙ නම් ඒ දේ කරගනින්. අපි හරස් වෙන්නේ නෑ. අපේ වැඩ ටික අපිට කරන්න දීපන්. අපි හිසනමන්නේ සර්වබලධාරී, සර්ව පවිත්‍ර, එකම දෙවියන්වන, විශ්වාධිපති අල්ලාහ්ට පමණයි. කාටත් බෑ අපිව වළක්වන්න. රටේ නීතියට අපි අවනතයි. නමුත් නීතියේ නාමයෙන් අපිව රවට්ටන්න ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයටත් බෑ."

ඔහුගේ කතාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්...



No comments:

Post a Comment

Post Bottom Ad