ජනපති,අගමැති රාජිතගේ ගෙදර ..සංහිදියාවට අඩියක් ගහයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 6, 2016

ජනපති,අගමැති රාජිතගේ ගෙදර ..සංහිදියාවට අඩියක් ගහයි…

බැදුම්කර සිද්ධිය සහ අල්ලස් කොමිසමේ රනිල්ගේ අල්ලස් කික්කී ඉවත් කිරිමට සහ ජනාධිපතිවරයාගේ විවිධ ප්‍රකාශන් හරහා ඇතිවි තිබේන ජාතික ආණ්ඩුවේ අර්බුදය හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හටගෙන තිබේන නොසන්සුන්තාවය සංසිදවිම සදහා දත් දොස්තර රාජිත සේනාරත්න ඊයේ දහවල් සිය නිවසේ අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට දිවා ආහාර සංග්‍රහයක් පවත්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පැය 2කට ආසන්න කාලයක් රාජිතගේ නිවසේ අගමැති සහ ජනපති සුහද කතාබහක යෙදි ඇති අතර එහිදි දේශපාලන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා නොවු බවද වාර්තා වේ.පසුව අමරදේවයන්ගේ අදාහන උත්සවයට සහභාගි විම සදහා දෙදෙනාම රාජිතගේ නිවසෙන් පිටව ගොස් තිබේ.

කෙසේවෙතත් රාජිත සිය සමිපතමයෙකු සමග ජනපති අගමැති හමුව ගැන හරහා තමන් බලාපොරොත්තු වු තරම් සංහිඳියාවක් ගොඩනැගිමට අදාළ හමුවෙන් නොහැකි වු බවයි. 

මේ අතර  රජයේ සහ අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කුමන්ත්‍රණය කිරීම නිසා ඔහු හාස්‍යට ලක්වන අතර අවසානයේ සියලුම වැරදි ජනතාවටත් හිටපු නායකයින්ගෙත් අගමැති රනිල් වික්‍රමසිංහගේ පිටින් යැවීමත සිරිසේන ජනාධිපතිවරයාගේ අලුත්ම උපක්‍රමයක් වි ඇති බවත් ඒ පසුපස සිටින්නේ එජාපයේම කල්ලියක් බව සැකහැර දැනගෙන තිබේන බව රනිල් පිළේ ප්‍රබලයේකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

පසුගිය කාලසිමාව තුල පක්ෂ නායකයාගෙ කකුලෙන් ඇද්ද පිරිසක් සහ සමිපයේම සිටි පිරිසක් පිළිබඳව අගමැතිවරයා අවධානය යොමුකර ඇති බවත් ඔහුන් සම්බන්ධයෙන් ඉදිරියේදි ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන බවද රනිල් පිළේ ප්‍රභලයා සදහන් කර තිබේ. විශේෂයෙන්ම රනිල් පිළේ  රනිල්ගේ සමිපතමයන් ඉලක්ක කර මෛත්‍රී පිළේ ඇතැමුන් කටයුතු කිරිම සම්බන්ධයෙන්ද අගමැතිවරයා අවධානය යොමුකර තිබේන බවද ඔහු පවසා තිබේ.

මහින්ද – අකිල කැබිනට්ටුවේදී ගැටෙති...

කුලියාපිටියේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මහින්ද සමරසිංහ ඇමැතිවරයා කටයුතු කර තිබුණේය. එහෙත් එයට අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයාගේ පියාගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත. ඒ නිසා ඔහු එම කටයුතුවලට බාධා කරමින් සිටියේය.

“කුලියාපිටියේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් අපි හදනවා. එම ඉදිකිරීම් සිදුවන තැනට අකිල ඇමැතිතුමාගේ තාත්තා ඇවිත් කෑගහලා ගිහින් තියෙනවා. ඒ ඉඩම වෙනත් වැඩවලට දෙන්න බෑ කියලා තියෙනවා” මහින්ද සමරසිංහ චෝදනා ගොන්නක් ගෙන ආවේය.


“අපේ දිස්ත්‍රික්කයේ වෙන්නේ මොනවද කියලා අපිත් දැනගන්න ඕන. මම වෙනත් ව්‍යාපෘතියකට තෝරාගත්ත තැනක් ඔබතුමා කිසිදු දැනුම්දීමක් නොකර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් හදන්න ගනිපු එක තමයි ප්‍රශ්නය වෙන්නේ” අකිල කීවේය.


“ඔබතුමාගේ තාත්තා ගිහින් එතැන අයට තර්ජනය කළේ මොකද?” මහින්ද සමරසිංහත් ඇසුවේ තරමක් ආවේගයකින් යුතුවය. “මේවා අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනිමු” මෛත්‍රීට අවසානයේදී දෙදෙනාගේ ගැටුම විසඳීමට මැදිහත්වන්න සිදුවිය.



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad