VAT වැඩි කිරීමේ දී සහ ඇමතිවරු අඩු කිරීමේ පොරොන්දුවේ දී ජනතාවගේ කණින් රිංගූ යහපාලකයින් වාහන දඩ වැඩි කිරීම කුමන අඩව්වකින් නවතීද?

ගංවතුර නායයාම් අස්සේ කොස්ගම හමුදා කදවුර පිපිරීම සිදුවෙද්දී VAT හුටපටයක් ඇති විය. ඒ සමගම අතුරුදහන් වූවන්ගේ කාර්‍යාල පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත්, “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ   ජාත්‍යන්තර සම්මුතිය”නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අත්සන් තැබීමත් සිදුවිය. 

මෙරට ඇතැම් දේශපාලකයන් VAT හුටපටයේදී පාර්ලිමේන්තුවේ දී පමණක් නොව ශ්‍රෙෂ්ඨාධිකරණයේදී ද VAT වැඩිකිරීම නීති විරෝධීයැයි කියමින් නීතියේ සහන පතන්නට විය.දිවයිනේ විවිධ නගර ආශ්‍රිතව VAT විරෝධී උද්ඝෝෂණ ද පවත්වනු ලැබීය.

ජනතාව VAT විරෝධීන්ව සිටි අවධියේ යහපාලන ආණ්ඩුව කිසිවක් නොදන්නා විලසින් 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින් “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ   ජාත්‍යන්තර සම්මුතිය”2016 අගෝස්තු 23 වැනි දින සිට ලංකාවේ නීතියේ කොටසක් බවට පත්කර ගත්තේ ය. 

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින්“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ  ජාත්‍යන්තර සම්මුතියේ” ප්‍රතිපාදන ලංකාවේ නීතියට ඇතුළත් කරමින් නීති පනවා ගත්තද  එකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු නො කරන ලදී.

කියවන්න...

VATපෙන්වා ජනතාවට BATඑකෙන් කෙළිය යහපාලන සංහිදියා හයිබ්රිබඩ් ආණ්ඩුවේ OPIUM මෙහෙයුම
ගංවතුර, නායයාම් සහ කොස්ගම හමුදා කදවුර පිපිරවීම අස්සේ ජනතාව නොදන්නා “ජාත්‍යන්තර සම්මුතියක්” නීතිගත වූ ආකාරය

ජනතාව VAT විරෝධයේ කිමිදී සිටීමත්, VAT වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු ලැබීමත්,  2016 මැයි 18 දින සිට ගංවතුර නායයාම් සිදුවීමත්, ඒ අස්සේ කොස්ගම හමුදා කදවුර පිපිරීමත්, 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත එකී ව්‍යසනයේදී ක්‍රියාත්මක නොකිරීමත්, ඇතැම් විපක්ෂ දේශපාලකයන් බන්ධනාගාර ගත වීමත් ඒ කාලයේ සිදුවිය. 

අවසානයේ දී “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ  ජාත්‍යන්තර සම්මුතියේ” ප්‍රතිපාදන ලංකාවේ නීතියේ කොටසක් වීමත්, VAT නීතිය ක්‍රියාත්මක විමත්, ජනතා හිත පිණිස කියමින් ඇමති සංඛ්‍යාව වැඩි කර ගැනීමක් සිදු විය.මෙම ක්‍රියාවන්ගෙන් පැහැදිලි වන්නේ වර්තාමන ඊනියා ජාතික ආණ්ඩුවේ පාර්ලිමේන්තුවත්, විධායකයත්  ප්‍රජාතන්ත්‍රවාදය, ජනසම්මතවාදය නො තකා ක්‍රියාත්මක වන බවයි. 

ජනතාවට කොළේ වහලා හීන් සීරුවේ නීති සම්මත කර ගන්න බවය. වර්තමානයේ පාර්ලිමේන්තුවේ නීති සම්මත කර ගන්නා ආකාරය බලන විට සමාජය යම් අර්බුදයකට ඇද දමා තිබියදී නීති සම්මත කර ගන්නා ප්‍රවණතාවයක් දක්නට ඇත. එය පැහිදිලි වන්නේ තමන් ඉදිරියේ නැති “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ   ජාත්‍යන්තර සම්මුතිය” පවා 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින් නීතිගත කිරීමය. 

මෙම පනත සම්මත කළ දිනයේ වත් කිසි මන්ත්‍රීවරයෙක් මෙකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ නැත. එනයින්ම මන්ත්‍රීවරුන්ගේ වගකීම් විරහිත භාවය සනාථ වෙයි.

kosgama_new
“යකෝ දැන් පුපුරනවා, අම්මට …..(Digital?) නැතුව මෙතනින් දුවපියව්” අති විශේෂ හෙළිදරව්ව
ඒ අතර VAT සම්බන්ධව තාවකාලික සහන අත්කර ගත්තද අවසානයේ දී තිබුණාටත් වැඩිය හොදින් VAT නීති ගත විය. අමති සංඛ්‍යාව අඩු කරනවා කියමින් 2015 ජනාධිපතිවරණය සහ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ජයගත්තද ජනතාවට දුන් පොරොන්දු කඩමින් ඇමති සංඛ්‍යාව වැඩි කරගත්තේ ය. 

එහිදී ජාතික ආණ්ඩුවක් හදන්නේ ය, කියමින් ඇමති සංඛ්‍යාව වැඩි කරගත්තේ ය. කථානායකවරයා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කර ගත්තේ ය. දේශපාලකයින් මැතිවරණ වේදිකාවේ කියන දෙය නොව බලයට පැමිණි පසු කරනා දෙය අනුව ඔවුන් මැනිය යුතු වුවත් ජනතාව නො කරන්නේ ද එයයි.

මේ අතර වර්තමානයේ කරළියට පැමිණ ඇත්තේ වාහන දඩ වැඩි කිරීමේ ගැටළුවයි. VAT වැඩි කිරීමේ දී මෙන්ම වාහන දඩ වැඩි කිරීමද ජනතාවගේ සාක්කුවට දැනෙන ප්‍රශනයකි. ජනතාවගේ සාක්කුවට දැනෙන ප්‍රශ්න ඇති කර එකී ප්‍රශ්න තමන් විසින්ම විසදා දීමත් වර්තමාන ලෝකයේ කෞටිල්‍ය උපායයන් වෙයි. සමාජයේ නැති ප්‍රශ්නයක් පළමුව ඇති කරයි. ඒ ප්‍රශ්නය සමාජගත වන්නට ඉඩ හරි. 

ජනතාව උද්ඝෝෂණ පවත්වන විට ප්‍රජාතන්ත්‍රවාදී පියවර අනුගමනය කරන්නේ ය කියමින් ප්‍රශ්නයට පිළියම් දෙයි. ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන විට ජනතාව සිතන්නේ මේ තරම් හොද පාලකයන් කිසිදා රටේ නොවූ බවයි.

කියවන්න “අනේ…….. ඒයාගෙ බෙල්ල කපන්න එපෝ”…..එක්තරා රටක පාලකයන් ජනතාව තම වසගයට ගත් ආකාරය.

යටත් විජිත සමයේ සිටම ජනතාව මේ අකාරයට දිගින් දිගටම රැවටෙන ලද්දේ ඇයි?ජනතාව විසින් තෝරාපත් කරගත් පාර්ලිමේන්තුව විසින් ජනතාවගේ අභිලාශයන්ට පටහැනි නීති සම්මත කරන්නේ ඇයි? ජනතාවගේ අභිලාශයන්ට පටහැනිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කර ගන්නේ ඇයි? කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ, සෝල්බරි ප්‍රතිසංස්කරණ මෙන්ම 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවත්, 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවත් මේවාට විසදුම් නො දුන්නේ ඇයි?ඉදිරියේදී පනවන්නට යන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, පැරණි ව්‍යවස්ථා මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යනිසිලෙස නිරූපණය නොවන්නක් විය හැකිද? යන්න මෙහිදී මතුවන ගැටළවයි.

VAT වැඩි කිරීමේ දී සහ ඇමතිවරු සංඛ්‍යාව අඩු කිරීමේ පොරොන්දුවේදී ජනතාවගේ කණින් රිංගූය හපාලකයින් ඔවුන්ගේම අලුත් නිර්මාණය වන වාහන දඩ වැඩිකිරීමේ මෙහෙයුම කුමන අඩව්වකින් නවතීද? යන්න 2015 ජනවාරි 08 සිට සිදුකරගෙන යන ක්‍රියාකාරකම් මගින් මැනිය හැකිය. ඒ සදහා විසල් බුද්ධියක් අවශ්‍ය නොවෙයි. 

යහපාලනය යනු නැති ගැටුම් ඇති කර ඒ ගැටුම් විසදීම නොවන බව වර්තමාන යහපාලකයින් අවබෝධ කර නැති බව පෙනේ. ඇතිවිය හැකි ගැටළු දුරදී හදුනාගෙන ඒ සදහා පිළියම් යෙදීම යහපත් පාලකයින්ගේ දර්ශනයයි. එසේ නොමැතිව තමන්ගේ පටු ඉලක්කකර යාමට ජනතාව අතර ගැටළු ඇතිකිරීම හෝ ජනතාව උද්ඝෝෂණ සදහා පෙළඹවීම හෝ නොවේ.

නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි
B.Sc(Col),PGDC(Col)
arunaunawatuna@gmail.com
2016.11.30


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න