'මල් පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නෑ' - රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

'මල් පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නෑ' - රාජිත

'මල් පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නෑ' - රාජිත
පසුගියදා මහාචාර්ය ඡී.එල් පීරිස් මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවාගත් පොදු ජන පෙරමුණට ලබාදී ඇති ලාංඡනය වන මල් පොහෝට්ටුව කිසිදාක නොපිපෙන්නක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බේරුවල අල් අම්බ‍්‍රා විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා," මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂය පිළිබද හොඳට සිතා බලා නොපිපෙන මල් පොහොට්ටුවක් ලාංඡනය විදිහට එම පක්ෂයට ලබාදී තිබෙනවා. 

ඉදිරියේ දී දුෂිතයින් සිරගෙට යනවිට මල් පොහොට්ටු කමීස සාක්කුවේ දාගන්න සිදුවෙනවා. එම නිසා තරුණ දේශපාලනඥයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ රට සෑදීමේ වැඩපිළිවෙලට යහපාලන රජය සමඟ ඒකාබද්ධ වන ලෙසයි" යනුවෙන් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad