උතුරුමැදට ජලය බෙදන්න නව සැලසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

උතුරුමැදට ජලය බෙදන්න නව සැලසුමක්

වියළි කාලගුණික තත්ත්වයන් වලදී උතුරුමැද පළාතේ වැව් සහ ජලාශවල ජලය රඳවා පවත්වා ගැනීම සඳහා යෝජනා සහ සැලසුම් ලබා ගැනීමේ සාකච්ඡාවක් ඊයේ (11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

ඊට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

ජනාධිපති කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේදී වැව් සහ ජලාශවල ජල මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

යෝජිත නව ක්‍රමවේදයන්ට අනුගතව මහවැලි ගඟෙන් කාලිංග නුවර සිට අංගමැඩිල්ල අමුණ දක්වා සහ එතැන් සිට මින්නේරිය වාරි පද්ධතිය දක්වා ජලය පොම්ප කිරීමට ඇති හැකියාව පිළිබදව ද අදාළ නිලධාරීන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නව යෝජනාව සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ මෙන්ම වාරි මාර්ග සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි සතිය තුළ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ඊට අදාළව තාක්ෂණික කමිටුවක් පත් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad