රාජගිරියේ ගුවන් පාලම හදන නිසා පාරවල් වෙනස් කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

රාජගිරියේ ගුවන් පාලම හදන නිසා පාරවල් වෙනස් කෙරේ



රාජගිරිය මංසන්ධියේ ඉදිවන ගුවන් පාලම හේතුවෙන් පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීම සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව කොටා මාර්ගය ඔස්සේ බත්තරමුල්ල දෙසට පැමිණෙන සියලු රථ වාහන ගුවන් පාලම ඉදිකෙරෙන ප්‍රදේශය මග හරවා බුත්ගමුව දෙසට විහිදෙන මාර්ගය (පැරණි කොටා පාර) ඔස්සේ ගමන් කර රාජගිරිය ඉන්ධන පිරවුම්හළ අසලින් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කෙරේ.

බුත්ගමුව සිට පැමිණෙන සියලු රථ වාහන HSBC මාර්ගය (බුත්ගමුව හරස් මාර්ගය) ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad