කතානායක අසුනේ ඉංජිනේරුවෙක් ඉඳගැනීම ගැන පරීක්ෂණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

කතානායක අසුනේ ඉංජිනේරුවෙක් ඉඳගැනීම ගැන පරීක්ෂණයක්

කතානායක අසුනේ ඉංජිනේරුවෙක් ඉඳගැනීම ගැන පරීක්ෂණයක්

පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ අසුනේ එහි සේවය කරන ඉංජිනේරුවරයෙකු අසුන් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලූවිහාරේ මහතා විසින් ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල කතානායකවරයා වෙත භාරදී තිබේ.

පසුගිය 16 වනදා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවසන්වීමෙන් අනතුරුව පවිත්‍ර සේවකයන් සභා ගර්භය පවිත්‍ර කරන අවස්ථාවේදී අදාළ ඉංජිනේරුවා කතානායක අසුනේ සිට ඔවුන්ට උපදෙස් ලබාදුන් බව එම පැමිණිල්ලේ සඳහන්ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad