19 සෙනසුරාදා දෙහිවල කෝට්ටේ මහරගම ඇතුළු ප්‍රදේශ රැසක වතුර කැපේ


හෙට නොවැම්බර් 19  දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල
සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

ඒ අනුව හෙට පෙරවරු 9යේ සිට රාත්‍රි 9 දක්වා කොළඹ දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර
සභා බලප්‍රදේශ ,මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගරසභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත,
මුල්ලේරියාව ප්‍රාදේශිය සභා මෙන්ම රත්මලාන ප්‍රදේශයටද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලිය සපයන විදුලි සම්ප්‍රේශණ පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු
කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව නිවේදනයේ දක්වා ඇත.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment