ඔබ නොදන්න ගොසිප්වල විකිණෙන්නේ නැති ළමා නිවාසේ ආදරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

ඔබ නොදන්න ගොසිප්වල විකිණෙන්නේ නැති ළමා නිවාසේ ආදරය

රත්නපුර ගොඩකවෙල රංවල පිහිටි කුලරත්න ළමා නිවසයේ හැදීවැඩුණු එරංගා කල්පනී පසුගියදා (10) යුගදිවියට එළැඹිණි.

සබරගමුව පළාත් පරිවාස දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ළමා නිවාසයේ වෙසෙන දරුවන් තරුණවයසට එළැඹෙන විට සමාජගත කිරීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ඒ යටතේ මෙම විවාහ මංගල්‍ය සංවිධානය කර තිබිණි.

කුඩා අවධියේම මාපියන්ගේ සෙනෙහස මෙන්ම ඥාති මිත්‍රාදීන්ගේ ද සෙනෙහස අහිමි වූ කල්පනීට මව පියා සහෝදර සහෝදරියන් ඥාතීන් සහ මිතුරන් වූයේ රංවල කුලරත්න ළමා නිවාසයේ පාලක පාලිකාවන් සහ තමා මෙන්ම කාත්කවුරුත් නොමැති එහි වෙ‍සෙන අනාථ දරුදැරියන්ය.

ඔවුන්ගේ සෙනෙහස රැකවරණය සහ පෝෂණය මැද හැදී වැඩුණු ඈ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනයද හදෑරීය. ඉන් ඉක්බිතිව තමා මෙන්ම රැකවරණය අහිමි වූ දරුදැරියන් වෙසෙන කුරුවිට පැරඩයිස් ළමා නිවාසයේ සේවය කරන්නට එරංගා කල්පනීට වාසනාව උදාවිය.

පළාත් සභාව මඟින් පාලනය වන මෙම ළමා නිවාසයේ රැකියා අවස්ථාවක් හිමි වූයේ පළාත් පරිවාස දෙපාර්තමේන්තුව මැදිහත් වීම මතය. එලෙස සේවය කරණ අතරතුර කුරුවිට ඒදණ්ඩවල පදිංචි රුවන් ශ්‍රීලාල්ව එරංගාට හමු විය. කලක් යන විට මොවුහු ප්‍රේමවන්තයෝ වූහ. එම ප්‍රේමය මල්පල ගැන්වූයේ පළාත් පරිවාස දෙපාර්තුමේන්තුවේ මැදිහත් වීමෙනි.

රුවන් එරංගාගේ විවාහය පසුගියදා (10) රත්නපුර සමුදි උත්සව ශාලාවේ පැවති අතර මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් අස්සන් තැබුවේ සබරගමු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතාය. මනමාලයාගේ පාර්ශවය වෙනුවෙන් පළාත් ඇමැති රංජිත් බණ්ඩාර මහතා අස්සන් තැබීය.

කුල සිරිතට අනුව මනමාලිය සුභ නැකතින් පෝරුව වෙත කැදවාගෙන ගොස් මනමාලිගේ මාමාගේ (මවගේ සහෝදරයාගේ) කාර්ය භාරය ඉටුකලේ කුලරත්න ළමා නිවාසයේ ස්ථාන භාර නිලධාරී සෝම ජයවර්ධන මහතාය.

No comments:

Post a Comment

Post Bottom Ad