බරපතළ තුවාල ලබා ඇසක් අහිමිව සිටින පුද්ගලයෙක් දහස් ගණන් ජිවිත සහ යාල්දේවි බේරගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

බරපතළ තුවාල ලබා ඇසක් අහිමිව සිටින පුද්ගලයෙක් දහස් ගණන් ජිවිත සහ යාල්දේවි බේරගනී

දුම්රිය මාර්ගයේ යකඩ පීල්ලක් කැඩී වෙන්ව ගොස් තිබෙන අයුරු දැක කන්කසන්තුරයේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ යාල් දේවි ශීඝ්‍රගාමී දුම්රිය සංඥා කර නවතා මගින් දහස් ගණනකගේ ජීවිත හා දේපළ බේරා දීමට තඹුත්තේගම පදිංචි අබාධිත දෙදරු පියෙකුට ඊයේ (14) සවස හැකි වී තිබේ.

විදේශයකදී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා ඇසක් අහිමිව සිටින වැවවාන තඹුත්තේගම ලිපිනයේ පදිංචි 44 හැවරිදි එස්. ඩබ්ලිව්. විජිත මහතාගේ අවධානය හේතුවෙන් දුම්රිය පීලි පැන පෙරළී ගොස් මගී ජිවිත සිය ගණනකට සිදු වීමට ඉඩ තිබූ අනතුර වළක්වා ගැනීමට හැකිවී තිබේ.

ඊයේ (14) සවස 3.25ට පමණ විජිත මහතා විහාරස්ථානයේ සිල් සමාදන්වී සිටින උවැසි උවැසියන්ට ගිලන්පස රැගෙන උතුරු දුම්රිය මාර්ගය හරහා ගමන් කරද්දී උතුරු දුම්රිය මාර්ගයේ අංක 10 බැදිවැව ගම්මානය ආසන්නයෙන් (තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර) රේල් පීල්ලක අඩි තුනක පමණ ප්‍රමාණයක් කැඩි වෙන්ව තිබෙන අයුරු දැක ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට වහාම දන්වා තිබේ.

එම දැන්වීම කර විනාඩි කිහිපයක් ගතවෙද්දී මගින් සහිත දුම්රිය තඹුත්තේගම සිට සෙනරතගම දෙසට වේගයෙන් ධාවනය වන හඩ ඇසුණු ඔහු වහාම නිවසට දිව ගොස් රතු පැහැති ටී ෂර්ටයක් රැගෙනවිත් දුම්රිය මගේ අනතුරක් ඇති බව දැන්වීමට රතු ටීෂර්ටය වනා තිබේ. එම සංඥාව තේරුම්ගත් දුම්රිය රියැදුරු දුම්රිය නවතා තිබේ.

විජිත මහතා අනතුර දැක නුවණින් යුතුව කටයුතු නොකළේ නම් දුම්රිය පිලිපැන මහා විනාශයක් සිදුවීමට ඉඩතිබූ බව දුම්රිය නිලධාරින් පැවසු අතර ඒ වන විට දුම්රියේ මගීන් 2500 ක් පමණ දුම්රියේ මැදිරි නවයේ ගමන් කල බව වාර්තා විය.

පීලි කැඩී යෑම දුම්රිය පාලක මැදිරියට දැන්වීමෙන් අනතුරුව නඩත්තු ඒකකය වහාම එහි ගොස් දුම්රිය මග ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබු අතර ඒ හේතුවෙන් ඊයේ (14) සවස පැයකට වැඩි කාලයක් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad