ටිරාන් අලස් බන්ධනාගාර රෝහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

ටිරාන් අලස් බන්ධනාගාර රෝහලට

ටිරාන් අලස් බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ඊයේ (02) කොළඹ මහාධිකරණය නියෝග කළේ ටිරාව් අලස් මහතා ඇතුළු 03දෙනෙකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසයි.

එ් අනුව ඊයේ පස්වරුවේ ඔහු ඇතුළු පිරිස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

පසුව ඒ මහතා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ වෛද්‍යවරයාගේ නිර්දේශය අනුවයි.

පසුගිය 2006 වසරේදී රාඩා ආයතනයට උතුරු - නැගෙනහිර ප්‍රදේශවල නිවාස ඉදිරිකීමට ලබා දුන් රුපියල් මිලිනය 200කට ආසන්න මුදලක් එම ව්‍යාපෘතිය සඳහා යොදා නොගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඇතුළු පිරිසට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad