ගොඩගත් බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර යළි මිහිදන් කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

ගොඩගත් බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර යළි මිහිදන් කරයි (VIDEO)

ගොඩගත් බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර යළි මිහිදන් කරයි (VIDEO)මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කලේ තමන් යැයි පවසා ලිපියක් ලියා සියදිවි හානි කරගත් බව පැවසෙන හිටපු බුද්ධි අංශ නිලධාරියගේ සිරුර කෑගල්ල - පුවක්දෙණිය පොදු සුසාන භූමියේදී ඊයේ (02) යළි මිහිදන් කෙරුණි.

කෑගල්ල, කරඩුපාන - එපිටගෙදර වත්තේ පදිංචි හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමලත් සාජන්ට් මේජර්වරයෙක් වන එදිරිසිංහ ජයමාන්න නම් ඔහු පසුගිය 14 වනදා අලුයම සිය නිවස තුළ දී ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී සොයා ගනු ලැබීය.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ඔහුගේ සිරුර යළි ගොඩගනු ලැබුවේ පසුගිය මස 19 වැනිදායි.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad