කව්ද ඉතින් මාව බඳින්නේ 😳 - උදයන්ති කුලතුංග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 16, 2016

කව්ද ඉතින් මාව බඳින්නේ 😳 - උදයන්ති කුලතුංග


කව්ද ඉතින් මාව බඳින්නේ  😳
- උදයන්ති කුලතුංග

පසුගිය කාලයේ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් නිසා කතාබහට ලක්වූ ටෙලි නිළි උදයන්ති කුලතුංග තමන්ගේ ජීවිතයේ කළකිරීම,ආදරය,විවාහය ගැන කලකට පසු පුවත්පතකට අදහස් දක්වා තිබේ.
ඇයගෙන් ඇසූ ප්‍රශ්න වලට එහිදී ලබාදී ඇති පිළිතුරු මෙසේය.

 පහුගිය කාලයේ දේශපාලනය නිසා කරදර ප්‍රශ්නත් ඇති වුණා නේද?

දේශපාලනය නිසාමයි කියල කියන්න බැහැ. මං එහෙම ලොකුවට දේශපාලනය කරපු කෙනෙක්‌ නෙමෙයි. ඒ නරක කාලෙට වෙච්ච දේවල්
කියලයි මම හිතන්නේ. මං stage එකකටවත් නැගලා නැහැ දේශපාලනය නිසා. අනිත් අතට මං දැනුවත්ව කාටවත් වරදක්‌ කරපු කෙනෙකුත් නෙමෙයි. සමහර චරිතයකට ආදරය කළා. ඉතිං ආදරය තමයි කරලා තියෙන්නේ. ඒ ඇරුණුකොට වරදක්‌ නං කරලා නෑ.  මං හිතන්නේ අපල කාලයක්‌ ඒ ගෙවුනේ කියලා.

ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

මගේ ජීවිතේ මහා ලොකු බලාපොරොත්තු ඉස්‌සර තිබුණෙත් නැහැ. දැනුත් එහෙමයි. පුංචි කලකිරීමක්‌ තමයි හිතේ තියෙන්නේ..

කලකිරීමක්‌? ක්‌ෂේත්‍රය ගැනද? ජීවිතය ගැනද?

නැහැ.. නැහැ... එහෙම දෙයක්‌ නෙමෙයි. ඇත්තටම ක්‌ෂේත්‍රයේ මගේ ළඟ හිටිය අය මට ප්‍රශ්නයක්‌ දුකක්‌ කරදරයක්‌ ඇති උන හැම වෙලවෙමත් මගේ ළඟම හිටියා. ඒ ගැන මං කියන්න ඕන....



එතකොට කලකිරීමෙන් ඉන්නවයි කිව්වේ?

මං ගැනමයි....

හිතෙන්නේ නැද්ද කසාදයක්‌ බැඳලා තැන්පත් උනොත් හොඳයි කියලා?

කව්ද මාව බඳින්නේ කියලා තමයි මට අහන්න තියෙන්නේ ඉතිං...

බඳින්න කැමති හිටියොත් බඳිනවද?

ඔව්... අනිවාර්යයෙන්ම.... ප්‍රශ්නෙ තියෙන්නේ ඇත්තටම මට ආදරේ හිතෙන්නේවත් නෑ දැන් කාටවත්, ඇයි දන්නේ නෑ ඉතිං.

කව්රු හරි කෙනෙක්‌ ඔයාට ආදරෙයි නං....

ඒ ආදරේ ගොඩක්‌ වෙලාවට තාවකාලිකයි කියලා තමයි මට හිතෙන්නේ. අනික නළු නිළියන් කිව්වම ජනප්‍රියත්වයට ප්‍රසිද්ධියට එහෙමනේ ආදරේ වෙන්නේ. එහෙම මොකටද ඉතිං....

ඔය කියන්නේ මේ වෙද්දී උදයන්තිට පෙම්වතෙක්‌ නැහැ කියලද?

ඔව්... පෙම්වතෙක්‌ නැහැ..

 අනිත් තරුණියන්, නිළියන් වගේ තමන්ගේ විවාහ උත්සවය මේ විදිහටයි පවත්වන්නේ කියන හීනය උදයන්තිගේ හිතේ නැද්ද?

මං තාමත් මේ මොහොතෙත් හිතාගෙන ඉන්නේ විවාහ වෙන්නෙ නැ කියලා. ඒ හින්දා ඔය කිසිම දෙයක්‌ ගැන මං හිතන්නේ නෑ...

 ගෙවුණු කාලය ගැන මොකද හිතෙන්නේ?

ප්‍රශ්න ආපු වෙලාවට ගොඩක්‌ අඬන්න ඇති. ඒත් දැන් මගේ හිත ඒකට පුරුදුවෙලා. ස්‌වභාවධර්මය මට ඒ වෙලාවේ දුන්නෙ අපලයක්‌ වෙන්න ඇති. ඒකට මං මොනවා කරන්නද. මං ඒවා දිහා ඔහේ බලාගෙන ඉන්නවා. මං හුඟක්‌ කෙට්‌ටු වෙලා, මානසිකව උනත් ඉතිං දරාගන්න අමාරු උනා. දැන් ඉතිං එහෙම නැතුව ඉන්නවා. මං හෙට මැරෙයිද කියලවත් දන්නේ නැහැ. මං ජීවිතේ කිසිම වරදක්‌ නොකර, බොරු චෝදනාවලට අසු කළා.

අනේ මන්දා ඉතින්.. ජීවිතේ.... මං අහිංසක ගෑනු ළමයෙක්‌ කියලා තමයි ඉතිං මට කියන්න තියෙන්නේ. මට පුළුවන් විදිහට පාඩුවේ ජීවත් වෙනවා. ජනප්‍රියත්වය මේ ලැබිලා තියෙන රූපය එක්‌ක එන දේවල් වෙන්න ඇති ඉතිං. සාමාන්‍ය ගෑනු ළමයෙක්‌ උනා නං මේ කිසි ප්‍රශ්නයක්‌ නැහැ නේද කියලත් මං වෙලාවකට කල්පනා කරනවා.

සාකච්ඡාව - යුගන්ති යශෝදරා

No comments:

Post a Comment

Post Bottom Ad