'රාජ්‍ය නිලධාරීන්ට වැඩ කිරීමට නිදහසක් නෑ' - ගෝඨා කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 28, 2016

'රාජ්‍ය නිලධාරීන්ට වැඩ කිරීමට නිදහසක් නෑ' - ගෝඨා කියයි

වත්මන් පාලන සමය තුළ රාජ්‍ය නිලධාරීන්ට තීරණ ගැනීමට සහ වැඩ කිරීමට ඉඩක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) මාතර දිස්ති‍්‍රකයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. එහිදී අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා,"අපිට ඒ කාලෙයේ නිදහස තිබුණා හැකියාව තිබුණා තීරණ ගන්න. නමුත් මේ රජය ආවම රාජ්‍ය නිලධාරීන්ට තීරණ ගන්න නිදහසක් ඇති බව අපි දකින්නේ නැහැ. 

නිලධාරීන් ගන්න සමහර තීරණ අවදානමක් සහිතව තමයි ගන්නේ. එවැනි තීරණ නිසා තමයි රටක් ඉදිරියට යන්නේ. අද රාජ්‍ය සේවකයෝ එහෙම තීරණ ගන්නෙ නැත්තේ එහෙම ගත්ත තීරණ නිසා අපිට  අදවන විට මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන්න වෙලා තියෙන නිසයි. 

මම යුද හමුදාවට බැඳිලා එහි සේවය කළේ එජාප රජය යටතේයි. මගේ සහෝදරයන්, දෙමාපියන් සියලුදෙනා ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ හිටියත් මම රාජ්‍ය නිලධාරියෙක් හැටියට දේශපාලනය ගාව ගත්තෙ නැහැ"යනුවෙන් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad