මාධ්‍ය දඩයමට එරෙහිව පොදුජන මාධ්‍ය පෙරමුණ සටන අරඹයි

යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය දඩයමට එරෙහි මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් පොදුජන මාධ්‍ය පෙරමුණ පසුගිය සතියේ කොළඹ දී පිහිටුවා ගැනිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා අනුබද්ධ මාධ්‍ය සංවිධානය වශයෙන් ක්‍රියාත්මක වන පොදුජන මාධ්‍ය පෙරමුණ සිය සංවිධානයේ සාමාජිකයන් බඳවාමේ කටයුතු මේ වන විට අරඹා තිබේ.

එම සංවිධානයේ සමාරම්භක රැස්වීම ලබන වසරේ ජනවාරි මුල් භාගය තුළ කොළඹ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යෙදා ඇත. යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන ප්‍රකාශනයක් සමාරම්භක උත්සවයේ දී එළිදැක්වීමට නියමිතය.


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment