වෙලේ සුදාගේ ඥාති සොහොයුරෙක් බන්ධනාගාරයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

වෙලේ සුදාගේ ඥාති සොහොයුරෙක් බන්ධනාගාරයට

වෙලේ සුදාගේ ඥාති සොහොයුරෙක් බන්ධනාගාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු වන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා උපයාගත් රුපියල් කෝටි 42 කට ආසන්න මුදලක් තම බැංකු ගිණුම්වලට බැර කිරීමේ චෝදනාවට ඔහුගේ ඥාති සහෝදරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු ඊයේ (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මොහු වෙලේ සුදාගේ බිරිඳගේ සහෝදරියගේ සැමියා වන අතර, පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඊයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඒ අනුව ලබන 25 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad