ආණ්ඩුවේ මන්ත්‍රීවරු 58කට වාහන ගන්න වසරකට කෝටි 243ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 58කට වාහන ගන්න වසරකට කෝටි 243ක්

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 58කට වාහන ගන්න වසරකට කෝටි 243ක්

මන්ත්‍රීවරුන් 58ට මාසික කුලියකට වාහන ලබාදීම සඳහා වසරකට රුපියල් මිලියන 2436ක මුදලක් ජනතාවට දැරීමට සිදුවෙනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

මාසික කුලිය රුපියල් 590,000 ක් වෙන බවත් එයට වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද එකතුවූ විට අවසානයේදී එක් වාහනයක් සඳහා මාසික කුලිය ලක්ෂ 7ක් පමණ වෙනු ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

මෙම වාහන වසර පහක කාලයකට කුලී පදනම මත ලබාගැනීමට නියමිත අතර ඉන් අනතුරුව එම වාහන ඒවා කුලියට දුන් පාර්ශ්වයන්ට නැවතත් පැවැරිය යුතුය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳව ආර්ථික කමිටුවට යොමුකළ නිර්දේශ තමා සන්තයේ පවතින බවත් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් සඳහන් කර තිබේ.

එක් වාහනයකට වසර පහට ලක්ෂ 420ක් වන අතර වාහන 58 සඳහා වියදම රුපියල් ලක්ෂ 24360ක් වන බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට ලැබෙන වාහන බලපත්‍රයට අමතරව මෙසේ කුලී පදනම මත වාහන ලබාදීම නියමිතය. 

මේ අතර ඊයේ (16) පාර්ලිමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසූයේ රජයේ වැඩිකටයුතු අධීක්ෂණය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබාදෙන තුරු මාසික දීමනාවක් ගෙවීමට යෝජනාවක් ඇති බවයි.

කෙසේ වෙතත් එම යෝජනාව පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම සඳහන් කළේය. 

රජයේ ආරංචි මාර්ග පවසන්නේ ආණ්ඩු පක්ෂයේ ඇමති ධූර හිමි නොවූ මන්ත්‍රීවරුන් 58 දෙනාට වාහනයක් කුලියට ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක හෝ 7ක මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බවයි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්,

 

No comments:

Post a Comment

Post Bottom Ad