ඉන්දීය නාවික හමුදා ප්‍රධානි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

ඉන්දීය නාවික හමුදා ප්‍රධානි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

මෙරට සංචාරයක නිරත වී සිටින ඉන්දියානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් සුනිල් ලන්බා මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (29) පැවැතිවිණ.

ඒ, අද පෙරවරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදීය.

මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර දෙරටේ දිගුකාලීන සබදතා පිළිබද අදහස් හුවමාරු කරගන්නා ලදී.

හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment