පක්‍ෂයක් කියන්නේ බෝඞ් ලෑල්ලක්, කාර්යාලයක් නොවෙයි… දැන් ශීලනිපයෙන් ඇති වැඩක් නෑ.. – මහින්දත් පොටකට එන හැඩයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

පක්‍ෂයක් කියන්නේ බෝඞ් ලෑල්ලක්, කාර්යාලයක් නොවෙයි… දැන් ශීලනිපයෙන් ඇති වැඩක් නෑ.. – මහින්දත් පොටකට එන හැඩයි..

ආවා  ගෲප් හැදුවේ අපි නෙමෙයි… ආණ්ඩුව හිතා මතා මඩ ගහනවා. රටටත්, ජනතාවටත්, ද්‍රෝහිවන අබැටක තරම් දෙයක් අපි කරලා නෑ…

– හිටපු ජනපති මහින්ද උඩුගම්පලදී කියයි.
උතුරේ ආවා කියන කණ්ඩායම හැදුවේ අපියැයි මේ ආණ්ඩුවේ සමහරුන් චෝදනා කරනවා. මඩ ගහනවා. අපි කවදාවත් මේ රටටත් ජනතාවටත් ද්‍රෝහිවන අබැටක තරම් දෙයක් කරලා නෑ. ආණ්ඩුවේ අය අපිට චෝදනා කරන්නේ ඔවුන් රටට කර ඇති විනාශයේ පාපයෙන් මිදෙන්න යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.  ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි මඩ ප‍්‍රචාරවලට තව දුරටත් මේ රටේ ජනතාව රැුවටීමට නොහැකි බවයි.

උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති ජනහමුවකදී මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කලේය. නව ජනතා බලවේගයේ උණුසුම් අපේක්‍ෂාවේ ඇරබුම ලෙස නම්කර තිබූ මෙම රැුස්වීමට ගම්පහ දිස්ති‍්‍රක්කයේ පලාත් පාලන, පලාත් සභා, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ අනුබද්ධ සංවිධාන හා කි‍්‍රයාකාරීන් 2000කට ආසන්න පිරිසක් සහභාගී වූහ. වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කිරීම සදහා රැුස්වීම කැදවා තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුදු දෙකක් වෙනකොට රට අවිනිශ්චිත තත්වයට පත්වෙලා. අද සංහිදියාවේ පීනන සමහර උදවිය අපි සංහිදියාව නැති කරනවා යැයි චෝදනා කරනවා. මේ රටේ සංහිදියාවක් ඇතිකරන්න මුලින්ම කටයුතු කලේ අපේ ආණ්ඩුව අද උතුරටත්, දකුණටත්, නිදහසේ ගමන් කරන්න හැකියාව තිබෙනවා. හැබැයි තව කොච්චර කාලයක් අපිට නිදහසේ උතුරට යන්න පු`ඵවන් වෙයිද කියලා සැකයි. 


උතුරේ ඇතිවෙලා තියෙන ආවා ගෲප්එක අපේ කාලේ ගෝඨාභය හිටපු ආරක්‍ෂක ලේකම්තුමා හැදුවයි කියලා සමහරු අපිට චෝදනා කරනවා. මඩ ගහනවා. අපි කවදාවත් ඔය වගේ දේවල් කරලා මේ රටටත් ජනතාවටත් ද්‍රෝහි වෙන්නේ නෑ. අබැටකතරම්වත් එහෙම ද්‍රෝහි වෙලත් නෑ. මේ අය අපිට චෝදනා කරන්නේ ඔවුන් රටට කර ඇති විනාශයේ පාපයෙන් මිදෙන්නයි. මේ වගේ බොරු වලට මේ රටේ ජනතාව තව දුරටත් රවටන්න බැරිබව මේ ආණ්ඩුව වටහා ගත යුතුයි.

ආණ්ඩු බලය ගත්ත මේ ගොල්ලෝ මට විරුද්ධව හොරා කිව්වා. ජාතිවාදියා කිව්වා. දෙමළ ජනතාවට මම විරුද්ධයි කිව්වා. මුස්ලිම් ජනතාවට විරුද්ධයි කිව්වා. එහෙම තමයි  රටේ මතය හැදුවේ. අපි යුද්ධ කලේ දෙමළ ජනතාවට විරුද්ධව නෙමේ. බෙදුම්වාදයට විරුද්ධව. ප‍්‍රභාකරන් උතුරෙන් දෙමළ මුස්ලිම් ජනතාව පන්නලා තිබුනේ . ඒ අයට නිදහසේ උතුරේ ජීවත්වෙන්න පසුබිම හදලා දුන්නේ අපි.


විදේශීය බලවේග එකතුවෙලා තමයි මට අපේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත‍්‍රණය කලේ. දැන් මිනිස්සුන්ට මේක ටික ටික තේරෙන්න පටන් අරන්. දෙමළ, මුස්ලිම්, ජන කොටස් සංවිධාන දැන් අපි එක්ක සාකච්ඡ කරගෙන යනවා. ඒ අය දන්නවා ඒ අයටත් වැරදුනා කියලා. හැමදාම මේ අය මට කිව්වේ අතනින් මෙච්චර ගැහුවා. මෙතනින් මෙච්චර ගැහුවා කියලා. මට හොරා කියලා බලය ගත්ත ආණ්ඩුවට අද ඒක පාරා වලල්ලක් වෙලා. මහ බැංකු හොරකම ආසියාවේ සිදුවුණු විශාලම මංකොල්ලය. 

මේ ගණු දෙනුවෙන් ආණ්ඩුවේ ගජ මිතුරෝ බිලියන ගනන් ලාභ ලබනවා. මේ හොරකමට ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුඵ යහපාලන ආණ්ඩුවම වග කිව යුතුයි. මේ චෝදනාවට ලක්වෙලා තියෙන සිය`ඵ දෙනාටම විරුද්ධව වහා පියවර ගත යුතුයි. මේ ආණ්ඩුවේ ඉන්න අයට විරුද්ධව සී.අයි. ඞී. එකවත් එෆ්.සී.අයි.ඞී. එකවත් පියවර ගන්නේ නෑ. අපේ මිනිස්සුන්ව බය කරලා අපෙන් ඈත් කරන්නයි ආණ්ඩුවට  ඕනෑ. ඔය ආණ්ඩුවට ගිහින් ඉන්න අපේ සමහරු ඉන්නේ හිතකින් නෙමෙයි. මේ ඊයේ පෙරේදත් සමහරු මට කතා කරලා කිව්වේ අද වුනත් එන්න පුඵවන්  කියලයි.

හෙට අනිද්දට මේ ආණ්ඩුව අලූතින් ව්‍යවස්ථාවක් ගේන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාවක් ආවොත් අපි ඒක අනිවාර්්‍යයෙන්ම පරාජය කල යුතුයි. එදාට ආණ්ඩුවේ ඉන්න අයගේ සැබෑ දේශපේ‍්‍රමය මැනගන්න පුඵවන්. රට බෙදන ව්‍යවස්ථාවක් ආවොත් ඒක පරාජය කිරීම අපේ යුතුකමක්. රට බෙදලා ගමට එන්න එපා කියලා ආණ්ඩුවේ අයට බල කරන්න අපි ලෑස්ති වෙමු. ඒකීයභාවය නැති කරලා රටේ ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කරලා ඊලමකට යන්න පාර කපනවනම් ඒක ජනතාවට , රටට කරන ද්‍රෝහි කමක්. 


මේ ගැන ජනතාවගේ අවධානය යොමුවෙන්න  ඕනෑ. රට නොමග යවලා රට බෙදන ව්‍යවස්ථා සම්මත කර ගන්න ඉඩ දෙන්න බෑ. රට බෙදන ව්‍යවස්ථා හදලා කොහොමද සංහිදියාව ඇති කරන්නේ. පක්‍ෂයක් කියන්නේ බෝඞ් ලෑල්ලක්, කාර්යාලයක් නෙමෙයි. පක්‍ෂයක් කියන්නේ ප‍්‍රතිපත්තියක්. අපේ පක්‍ෂෙ හැදුවේ යූ.එන්.පී. එකට විරුද්ධව. බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය ඇත්තටම දැන් අපේ  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂෙ තියෙනවාදැයි ප‍්‍රශ්ණයක් තියෙනවා. 

රනිල් වික‍්‍රමසිංහ අගමැති බවට පත්වුණේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අගමැතිවරයාව ඉවත් කරලා. මන්තී‍්‍රවරු 42ක් හිටපු  යූ.එන්.පී. යට අගමැතිකම දුන්නා. අපේ පක්‍ෂෙ කඩන්නේ අපි නෙමෙයි. මට පක්‍ෂෙ කඩන්න බැරි නිසයි එදා මම ඒ අයට පක්‍ෂ සභාපතිකම දුන්නේ. අද ඔය පක්‍ෂය ගැන අඩන අය මහ මැතිවරණයේදී උදව් කෙරුවේ රනිල්ට. අපේ බෆර් එක වුණු පලාත් පාලන ආයතන නියෝජිතයන් ට තිබුණු බලය නැති කෙරුවා. අපේ කකුලෙන් ඇද්දා. 

ඔය අද ජාතික ලැයිස්තු වල පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න සමහර අයට දීලා තියෙන කොන්ත‍්‍රාත්තුව තමයි අපිට මඩ ගැසීම. ඔයම ඩ ගහලා අපිව වට්ටන්න බෑ. අපේ පාක්‍ෂිකයෝ දන්නවා අපි කවුද කියලා.  ඒ නිසා සැබෑ ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයා රැුක ගැනීමට අපි කටයුතු කල යුතුයි. ජනතාව හැමදාමත් රවට්ටන්න බෑ.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad