යුද්ධය යළි ගෙනෙන්නට තනන පිරිසක් ගැන යාපනය ආඥාපතිගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 8, 2016

යුද්ධය යළි ගෙනෙන්නට තනන පිරිසක් ගැන යාපනය ආඥාපතිගෙන් ප්‍රකාශයක්

යුද්ධය යළි ගෙනෙන්නට තනන පිරිසක් ගැන යාපනය ආඥාපතිගෙන් ප්‍රකාශයක්

උතුරේ ජනතාවගෙන් බහුතරයක් යුද්ධය ප්‍රතික්ෂේප කරන නමුත් සුළුතරයක් විසින් නැවත යුද්ධයක් ඇති කිරීමට උත්සාහ කරන බව යාපනය  ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ආඥාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යුදබිම් වාර්තාකරණය පිළිබඳව හදාරන සිසුන් පිරිසක් සඳහා පසුගියදා (06) යාපනය යුද හමුදා ආරක්ෂක මුලස්ථානයේ පැවති වැඩමුළුවකදීය.

එහිදී අදහස් දැක්වූ ආඥාපතිවරයා කියාසිටියේ යළිත් යුද්ධයට අර අඳින සුළුතරය විසින් සිදුකරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා හේතුවෙන් උතුරේ බහුතර යුද විරෝධී ජනතාව පිළිබඳව වැරදි ආකල්පයක් සමාජය තුල නිර්මාණය වන බවත් ඒ අනුව තොරතුරු වාර්තා කිරීමේදී කරුණු දැනගෙන සමබරව වාර්තා කිරීමට මාධ්‍යවේදීන් කටයුතු කළ යුතු බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ යාපනය ආඥාපතිවරයා මෙසේ ද පැවසීය.

යාපනයේ ජනතාවත් එක්ක කථා කළොත් තේරේවි ඒ අයට හමුදාවත් එක්ක ප්‍රශ්නයක් නෑ. ඒ අයට දැන් ඒක තේරිලා තියෙන්නෙ. මේක බේරගන්න ඉන්නෙ අපි විතරයි කියලා. ඒ අය දන්නවා වසර 30ක් තිස්සෙ එල්.ටී.ටී.ඊ. සංවිධානය නිසා ඒ අය කොච්චර දුක් වින්දද කියලා. ඒ ගොල්ලො දන්නවා ඉන්දියානු සාම සාධක හමුදාවත් එක්ක කොච්චර දුක් වින්දද කියලා. එයාලගෙ වටිනාකමසංස්කෘතිය මේ සෑම දෙයක්ම නැති වුණේ මේ යුද්දෙ නිසා. බහුතරයක් මෙහි ඉන්න ජනතාව යුද්ධය නැවත අවශ්‍ය නැති කණ්ඩායමක්. සුළුතරයක් ඉන්නවා දේශපාලනමය වශයෙන් තමන්ගෙ අවශ්‍යතාවය අනුව. අපිට යම් බලපෑමක් තිබෙනවා දේශපාලන පක්ෂවලින්. එහෙම නැතිව සාමාන්‍ය ජනතාවගෙන් නෙවෙයි.

අපි සමාජයේ කොටසක්. අපි සෑම දෙයකටම එකතුවෙනවා. අපි සෑම දෙයක් සමගම බැඳී සිටිනවා. යුද්ධයකට යන්න අවශ්‍යතාවයක් නෑ මිනිස්සුන්ට. දකුණේ ගත්තත් කාටවත් යුද්ධයට යන්න ඕන නෑනෙ. නමුත් යම් යම් දේශපාලන හේතූන් මත මේ අය මේකෙන් වාසි ගන්න කටයුතු කරනවා.

1971 අප්‍රේල් කැරැල්ලේදිත් ප්‍රේමවතී මනම්පේරි සිද්දියක් සිදුවුණා. ඒ අවස්ථාවෙදී නොයෙල් විජේරත්න කියන කෙනෙක් සමග 06 දෙනෙක් මරණීය දණ්ඩනයට නියම කළා. ඒ වගේ සිද්ධි විශාල ගණනක් යුද්ධයක් තියන වෙලාවකදි මිනී මැරුම් හැටියට වෙලා තියෙනවා. එතකොට රටේ නීතිය අනුව කටයුතු කළ යුතුයි. ඔහු ගුවන්නාවිකයුද සෙබළෙක් ද නෙවෙයි සිවිල් වැසියෙක් ද නෙවෙයි සෑම කෙනෙකුටම රටේ නීතිය පොදුයි. මම මේ ආඥාපති හැටියට කියන්නෙ යම් කිසි නිලධාරියෙකු හෝ සෙබලෙකු යුද්දෙ තියන අවස්ථාවක දී හෝ ඉන් පසුව ත්‍රස්තවාදී ප්‍රහාරයක් නොවන මිනී මැරුමක් සිදු කරලා තියෙනව නම් අවිවාදයෙන්ම ඔවුන්ව නීතියේ රැහැනට යට කළ යුතුයි. ඒ පිළිබඳව අපේ කිසිම බාධාවක් නෑ. ඒක මම කරත් එහෙමයි. හමුදාව දුවන්නෙ විනය අනුව. ඒ විනය නිසා තමයි යුද්දයත් දිනලා තියෙන්නෙ.

පසුගිය රජයෙන් යුද හමුදාව ඔසවා තැබුව ද මේ රජයෙන් පහත හෙලුව ද යන්න අපි හිතන්නෙ නෑ. අපිට ඒක අදාල නැහැ. අපි අපේ රාජකාරිය වගකීම ඉටුකරලා තියෙනවා. ඒ අතරතුර කවුරුහරි වැරදි වැඩක් කරලා තියෙනව නම් ඔවුන්ට දඬුවම් කළ යුතුයි. ඒක නිසා මම දකින්නේ රජයටත් අපිටත් වඩා මාධ්‍ය තුළින් තමයි මේ තත්ත්වයන් ඇති කරන්නෙ. හමුදා කඳවුර ඇතුළෙ ඉන්න සොල්දාදුවන්ට මේක ගැටලුවක් නෙවෙයි. අපේ අය කවුරු හරි වැරදි කරලා තියෙනව නම් දඬුවම් ලැබිය යුතුයි. උදාහරණයකට අපේ 16 දෙනෙක් 1998 වූ සිද්දියකට දඬුවම් ලබලා යාපනේ බන්ධනාගාර ගතවෙලා ඉඳලා දැන් අනුරාධපුරයට මාරු කරලා තියෙනවා. ජාත්‍යන්තර කොමිසමකින් හෝ වෙනත් ක්‍රමයකින් කොමිසමක් පත්කළා කියලා අපිට ප්‍රශ්නයක් නෑ. අපි අපේ රාජකාරිය කරලා තියෙනවා. ඒ අතර කවුරුහරි වැරැද්දක් කරලා තියෙනව නම් ඒ අය වග කියන්න ඕන.

විනය සහ විධාන ව්‍යූහය තුළ තමන්ට උසස් නිලධාරියා තමන්ට නියෝගයක් දුන්නට පස්සෙ මේක ඉටු කළ යුතුයි. ඉටු කරන ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේදය වැරදියට කරලා තිබෙනවා නම් වැරදිව නොගියත් ‍පෞද්ගලිකව කෙනෙක් පාවිච්චි කරලා තියෙනව නම් බුද්ධි අංශය වේවා පාබල හමුදාවක වේවා මොන රෙජිමේන්තුවක වුනත් ඒ සඳහා මුහුණ දියයුතුයි. යම් වැරැද්දක් කරලා තියෙනවා නම් සැකකරුද විත්තිකරුද කියන එක මට කියන්න බැහැ. නමුත් යම් කිසි කෙනෙක් වැරැද්දක් කරලා තියෙනව නම් එයා ඒකට වග කියන්න ඕන. ඒ පිළිබඳව හමුදාවෙ කිසිම ගැටලුවක් නැහැ. සාමුහිකව ගත්තොත් අපි එකමුතුව ඉන්නවා. පුද්ගලිකව කවුරුහරි ඒක කරලා තියෙනව නම් එයා ඒ වෙනුවෙන් වගකිව යුතුයි.

යුද්ධයක් පවතින අවස්ථාවක දී සම්මත න්‍යායක් තමයි භූමිය අල්ලා ගැනීමඅත්පත් කරගැනීම, ඉදිරියට ගමන්කිරීම. අක්කර විසිහත්දාස් ගණනක අපි යාපන අර්ධද්වීපයේ පමණක් හිටියා. අද විසි දෙදාහක් භාරදීලා හයදාස් ගණනකට සංකෝචනය වෙලා තියෙනවා. නමුත් මේ සංකෝචනය වෙලා තියෙන්නෙ මර්මස්ථාන අතේ තියාගෙන. එලිෆන්ට්පාස් සිට පලාලි එනකන්ම ඒ එක එක ලේයර්වල අපි ඉන්නෙ. 96 අපි එහෙම හිටියෙ නෑ. 83 හමුදාවත් නෙවෙයි මේ ඉන්නෙ. 2016 මේ ඉන්නෙ 80% කටත් වඩා සෙබළුන් සටන්කාමිත්වය තිබෙන යුද්දෙ කරපු අය. එතකොට ඒගොල්ලොත් එක්ක විශ්ලේෂණය කරලා තමයි මේ ඉඩනුත්  භාර දීල තියෙන්නෙ.

අධි ආරක්ෂක කලාප කියන වචනය අපිට අවශ්‍ය නැති නිසා අපි මේක පලාලි යුද හමුදා ජනපදය කියලා වෙනස් කරගෙන තියෙනවා. නමුත් මෙතනින් තමයි යුද්ධය මෙහෙයවන්නෙ. අපි භට පිරිස් යොදවල ඉන්නෙ ඕනම පැය භාගෙකදි පැයකදි අපිට ස්ථානගත වියහැකි ආකාරයට. යාන්ත්‍රික පාබල බලඇණිය ඉන්නවා. ඔවුන්ට ඉතාමත් වේගයෙන් සටන් භූමියට අවතීර්ණ වීමේ හැකියාවක් තිබෙනවා.

අපිට අධි ආරක්ෂක කලාපය කියලා ලොකු ඉඩමක් තියාගන්න එක නෙවෙයි අවශ්‍යතාවය. අපි ඉන්න තැන ඉඳන් කොහොමද සටන මෙහෙයවන්නෙ කියන එක. ඒ ශක්තිය අපිට තියෙනවා. නාවිකගුවන් හමුදා‍ මෙන්ම පොලීසිය එස්.ටී.එෆ්. එකත් මෙතන තියෙනවා. සමහර වෙලාවට දවසක් දෙකක් වුනත් අපි එනතුරු මෙහි රැඳී සිටින්න ඔවුන්ට පුළුවන් ඒකෙ ප්‍රශ්නයක් නෑ.

මේ දවස්වල තියෙන දිමනානන්දගේ පොතක් එක්ක යන කතාවක් තමයි මේ ආවා කල්ලිය. මේ සමාජයේ යාපනය තියෙන ජන ජීවිතයේ විශාල සාමයක් ලැබිලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් ඒ අය විදිනවා. දකුණු ඉන්දියානු චිත්‍රපටි බැලුවම ඒ චිත්‍රපටිවල තියෙන්නේ ප්‍රචන්ඩත්වය කියන එක. ඒවගේ තමයි යතුරු පැදිවලින් ගිහින් කඩු අරගෙන කපන කොටන මාන්න පිහි වලින් ගහන ඒවා  තියෙන්නේ. එහෙම සංවිධාන ඇතිවෙලා තියෙනවා මේ කාලයේදී. මේවා ත්‍රස්ත්‍රවාදී කණ්ඩායම් නොවෙයි මේවා තරුණ කොටස් බිමත්ව මේවා සිදුකරන්නේ. යාපනය අර්ධද්වීපයේ තැබෑරුම් 70 ක් තියෙනවා.  වැඩිපුර තැබෑරුම් තියෙන්නේ මෙහෙ. ලක්ෂ හයයි ගණනක ජනගහනයෙන් තරුණ කොටස් රාත්‍රී කාලයේ බිමත්ව මේ වාගේ කණ්ඩායම් වුනා කියන, එහෙම හැදිලා තියෙනවා. මේ වන විට ඒ අය භාවිතා කරනවා ඒ අයගේ පුද්ගලික ප්‍රහාරයන් දියත් කරන්න.

දකුණේත් මීට වඩා පාතාල කල්ලි තියෙනවා. ඒවා ටිකක් ගණන්. ඒ අයට මොකක් හරි වැඩක් බාරදෙන්න ලිකෝ ගානක් ගෙවන්න ඕන. මේකේ ඒ වැඩේම පොඩිගානකට කරගන්න පුළුවන්. එක තමයි මේ සිදුවෙන්නේ. මේක ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක් හා රාජකාරික්. මේ අවස්ථාවේදී සාමය සහ නිතිය රැකීම ඒ අයගේ රාජකාරික්. අපි කරන්නේ ඒ අය සමග බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීම විතරයි. කයිතඩිවලදී මේ වගේ සිද්ධියක් වෙලා තිබුනා. ඒ අය රෑ බීලා යනගමන් තරහකට ගෙදරකට ගහලා තිබුනා. ගහන ගමන් කියන්නේ අපි 'ආවාකියලා. අපි මේක නවත්වන්න පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කරනවා. නොදුරු අනාගතයේදී සමාජයෙන් මේ වචනයත් නැති වෙලා යයි" 

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

No comments:

Post a Comment

Post Bottom Ad