ශ‍්‍රී ලංකා කාරයෝ සිරිසේනගේ නායකත්වය පිලිගන්නේ නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 8, 2016

ශ‍්‍රී ලංකා කාරයෝ සිරිසේනගේ නායකත්වය පිලිගන්නේ නැහැ

ඉතා ඉක්මනින් බලයට පත් වන අපේ ආණ්ඩුවකින් බැදුම්කර සිද්ධියට සම්බන්ධ සියළුදෙනාට දඩුවම් දෙන බවත් රටට කළ අලාභය ඔවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. 

සොරකම් කිරීම සොරකමට අනුබල දීම සහ සොරුන් රැකීම වැරදි බැවින් මෙම මහා බැංකු බැදුම්කර වංචාවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වර්තමාන ආණ්ඩුවත් සම්පූර්ණයෙන්ම වග කිව යුතු බව රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මිනුවන්ගොඩ කොටුගොඩ ඔපාත ප‍්‍රදේශයේ පසුගියදා (6) පැවති රැස්වීමකදි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන්කලේ ඉදිරි මැතිවරණයකදි ආණ්ඩුවට මුක්කු ගසා සිටින දෙපත් නයින්ට එකාබද්ධ විපක්‍ෂයේ සහාය නොලැබෙන බවයි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂයට මුක්කු ගසන්නේ නම් ඉදිරි පලාත් පාලන මැතිවරණයේදි වෙනම තරඟ කරන කණ්ඩායමකට එකාබද්ධ විපක්‍ෂයේ සහාය හිමි වන බවද රණතුංග මහතා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කලේය.

වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කිරීම සඳහා පැවැත්වූ මෙම රැස්වීමේදි වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.

‘‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්වර්ණමය යුගය තමයි මහින්ද රාජපක්‍ෂ මහතා මේ පක්‍ෂයේ සභාපති ධුරය දැරූ දිනය ඊයේ පෙරේදා මහරගම තිබුනු රැස්වීමකදි වත්මන් ජනාධිපතිවරයා කියනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ වෙන්න දෙන්න එපා කියලා කව්ද මේ පක්‍ෂය විනාශ කලේ මේ පක්‍ෂය විනාශ කලේ අපේ හිටපු මහා ලේකම්වරයා අපේ පක්‍ෂයේ අපේක්ෂකයාට විරුද්ධව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනාට පස්සේ සිරිසේන මහතාව ජනාධිපති කලේ අපි නෙවෙයි.

අපි කිව්වා ඔහු ජනාධිපති වෙලා රනිල්ව අගමැති කලොත් රටට මහා විනාශයක් සිද්ධ වෙනවා කියලා. අද ඒක ඔප්පුවෙලා තියෙනවා. එදා අපිට මන්ත‍්‍රීවරුන් 146 හිටියා යූ.එන්.පී.යට හිටියේ 40 ගානයි. සිරිසේන මහත්තයා ජනාධිපති වෙච්ච ගමන් ශ‍්‍රී ලංකා හිටිපු අගමැති දී.මූ ගේ කනෙන් අල්ලලා එලියට දාලා අගමැතිකම රනිල්ට දුන්නා. 

පක්‍ෂයට පොඞ්ඩක් හරි ආදරය කලානම් රනිල්ට කියන්න තිබුනා මහා මැතිවරණයේදි බහුතරය අරන් අගමැති වෙන්න කියලා. එහෙම නොකරපු අය අද පක්‍ෂය වෙනුවෙන් කිඹුල් කදුළු හෙලනවා. ඒ විතරක්ද පළාත් අපට තිබුණු බලය එතුමා නැති කළා. මහා මැතිවරණයේදි අපේ කකුලෙන් ඇද්දා ගම් වල ශ‍්‍රී ලංකා කාරයෝ සිරිසේන මහත්තයාගේ නායකත්වය පිලිගන්නේ නැහැ. 

ඇත්තටම එතුමාට ඔනේනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කරන්න එතුමා එකතුවෙන්න ඔනෑ අපිත් එක්කයි. එහෙම නැතුව යු.එන්.පී. එකට මුක්කු ගහලා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනවන්න බැහැ. රනිල්ව ගෙදර යවලා අපේ පක්‍ෂයේ කෙනෙක්ව අගමැති කරන්න ඔනෑ. මහින්ද මහත්තයා එක්ක කථා කරලා ඒ ගැන එකගතාවයකට එන්න පුළුවන් ගමේ ශ‍්‍රී ලංකා කාරයෝ දිනා ගන්න නම්. 

මුලින් මහින්ද ව දිනාගන්න වෙනවා මහින්දට බැනලා, මහින්දට ගහලා, අපිට බැනලා. අපිට ගහලා, අපිව හිරේ දාලා ඒදේ කරන්න බැහැ කියලා මේ අය තේරුම්ගන්න ඕනෑ ගමේ පාක්‍ෂිකයෝ ඉන්නේ මහින්දත් එක්කයි නැතුව පක්‍ෂයත් එක්ක නෙවෙයි. මේ ආන්ඩුව බලයට පත්වුනේ මහින්ද මහත්තයාටයි අපිටයි හොරා හොරා කිය කියා හැබැයි. 

දැන් අසියාවේ ලොකුම හොරකම කරලා තියෙන්නේ මේ ආණ්ඩුව ඒ තමයි මහා බැංකු බැදුම්කර වංචාව හොරකම් කිරීමත් හොරකමට අනුබල දීමත් හොරු රැුකීමත් වැරදියි. එහෙම නම් මේ බැදුම්කර වංචාවට ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ සියළුදෙනා වග කිව යුතුයි. ජනාධිපතිවරණය ඉවර වෙලා මාස 02 විතර යනකොට දින 100 ඇතුලේ තමයි මේ හොරකම සිද්ධ වුනේ මේ එකක් විතරයි. තව හොරකම් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. 

මැතිවරණයේදි කිව්වේ මහින්දගේ හොරකම් නිසා බඩු මිල අඩු කරන්න බැහැ කියලයි. එහෙනම් අද බඩු මිල අඩුකරන්න බැරි රනිල්ගේ හොරකම් නිසාද දන්නවා තව ටික කාලයයි මේ ආණ්ඩුව තියෙන්නේ කියලා ඒ හින්දා ආණ්ඩුවේ එවුන් හරි හරියට හොරකම් කරනවා. අපි ඉතා ඉක්මනින් මේ රටේ අලූත් ආණ්ඩුවක් පිහිටුවනවා ඒ ආණ්ඩුවෙන් මේ බැදුම්කර වංචාවට සම්බන්ධ සියළුදෙනාට දැඩි දඩුවම් දෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔවුන් මේ හරහා රටට කරපු පාඩුව නැවත අය කරගන්නවා. 

අපි හොරකම් වලට උදව් කරන රාජ්‍ය නිලධාරීන්ට අනතුරු අගවනවා. අපි දන්නවා සමහර උදවිය මේවට යටින් උල්පන්දම් දෙනවා. ඒ අයට කල්පනාවෙන් කටයතු කරන්නැයි අපි ඔවුන්ට කියනවා. මේ මහා බැංකු හොරකමට රනිල් වික‍්‍රමසිංහ අගමැති වරයා වග කිව යුතුයි. 

මුදල් අමාත්‍යංශය යටතේ තිබුනු මහා බැංකුව අගමැති යටතට පත් කරගෙන සිංගප්පූරුවේ හිටපු තමන්ගේ ගජ මිතුරාව එහි අධිපති කලේ හොරකම් කරන්න මිසක් වෙන මොකටද ආන්ඩුවේ ඉන්න මැති ඇමති වරු දැන් රනිල්ව බේරගන්න ලොකු මෙහෙයුමක් කරනවා රතු අලි පැටව්ත් මුලින් හැදුවේ මේක යට ගහන්නයි. 

බැහැයි ඒකාබද්ධයේ අපි එක ස්ථාවරයක ඉදලා බලපෑම් කරනකොට ඒ අයටත් මේ මග අරින් බැරි උනා. රතු අලි පැටව් තමයි. මේ ආන්ඩුවට වක‍්‍රව උදව් කරන්නේ අදටත් ඔය සමහරු යැපෙන්නේ දෙමල ඩයස් පොරාවේ ආණ්ඩුවේ ඩොලර් කුට්ටි වලින් දැන් හදනවා මේකේ වගකීම අර සමාගමට පටවලා රනිල්ටයි මැති ඇමති වරුන්ටයි සුදු හුණු ගහන්න. සමාගමට මේක දුන්නේ කවුද එ කෙනාව පත්කලේ කවුද කියලා අමතක කරන්න හදනවා අපි ඒකට ඉඩ තියන්නේ නැහැ.

ඊයේ පෙරෙදා ජනාධිපතිවරයා කියලා තිබුනා මේකෙන් දෙශපාලඥයෝ අයින් වෙන්න ඔනෑ අයින් වෙලා නීතිපති ටදාලා වෙන නීතිය ක‍්‍රියාත්මක කරන්න ඔනෑ කියලා මේ ලැහැස්ති වෙන්නේ මොකටදැයි අපිට පැහැදිලියි ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා අපි දන්නවා. නීතිපතිට යවලා මේකට සාධාරණයක් ඉටු වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. 

අන්තිමේදි නිතිපති වාර්ථාවක් එවාවි මේකේ වැරැද්ධක් නැහැ කියලා පහු ගිය කාලේ මේ කට්ටිය එකතු වෙලා නීතිය නමපු හැටි අපි හොදට දන්නවා. මේ හොරාගේ අම්මාගෙන් පේන අහන වැඩවලට අපි කැමති නැහැ. මේ හදන්නේ රනිල්ට විරුද්ධව රටේ නැගෙන ජන මතය. දියාරු කරන්න. ජනාධිපතිතුමා හදන්නේ ආණ්ඩුවත් බෙරගෙන රනිල්වත් බෙරගන්න.

මේ ආණ්ඩුව ලොබකමක් නැතිව රාජ්‍ය ආයතන විකුණනවා. මහින්ද බැන බැන චීනෙට බැන බැන හිටපු ආණ්ඩුව අද චීනෙට වැද වැද ණය ඉන්ලනවා දැන් බලන්න පොට් සිටිය නවත්තනවා. කියලා මේ ආණ්ඩුව පර සක්වල ගැහැව්වා. මහින්දගේ ආණ්ඩුව රට චීන කොළණියක් කරන්න යනව කියලයි අපිට බැන්නේ හැබැයි ආණ්ඩුව දැන් පොට් සිටිය ආයෙත් ආරම්භ කලා අර එදා කෑ ගහපු පරිසර වේදීන් කොහෙද දන්නේ නැහැ මහින්ද කරන කොට වැරදි දේ රනිල් මෛත‍්‍රී කරනකොට හිරි වෙන්නේ කොහොමද? 

මෙවයින් ආණ්ඩුව කොමිස් ගහන හැටි අපි දන්නවා. ආණ්ඩුවේ හොරකම් වල පාඩුව අය කර ගන්න හදන්නේ වැට් බද්දෙන් අපේ ශ‍්‍රී ලංකා ඇමතිවරු මේ ආන්ඩුව කරන මේ ජනතා විරෝධී දේවල්වලට අත උස්සන්නේ රෙදි ඇදගෙනද. උතුරේ අද ඇතිවෙලා තියෙන් තත්වයට ගැන බොරු බියක් ඇති කරනවා කියලා ආණ්ඩුව අපිට චොදනා කරනවා සිරිසේන මහත්තයත් එහෙම කියලා තිබුනා එතුමා පහුගිය කාලේ පත්තර කියවලා නැද්ද කොහේද උතුරේ ඇත්ත තත්වය මාධ්‍ය වාර්ථා කරලා තිබුනා උතුරේ ජනතාවට දෙමළ අන්තවාදි කණ්ඩායම් හිරිහැර කරනවා. 

ආණ්ඩුව බුදි නැත්නම් පේන්නේ නැහැ වගේ ඉන්නවා. මොකක්වත් හින්දා නෙවෙයි. පහුගිය ජනාධිපතිවරණයේදි බලයට පත්වෙන්න සහායොගය දුන්නේ කොටි ඩයස් පොරාව නිසා අද ලෝකේ සමහර රටවල් තමිල් ඊලාම් කියලා වෙනම රටක් පිලි අරගෙන පිටරටවල්වල කොඩි ටී ෂර්ට් ඇදලා සමහර ජාතික තරඟ වලට මේ කණ්ඩායම් තරඟ කරනවා. අපේ සල්ලි වලින් එල්.ටී.ටී. කාරයන්ට ආණ්ඩුව වන්දි ගෙවනවා. රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප දෙන්නේ නැහැ. 

එල්. ටී. ටී. එකට වන්දි රණවරුන්වන්ට ගුටි බැට එල්. ටී, ටී. කාරයෝ එලියට රණවිරුවන් ඇතුලට මේක තමයි මේ කොටි හිතවාදි ආණ්ඩුව අද තේමා පාඨය වෙලා තියෙන්නේ. ප‍්‍රජා තන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස ගැන කියපු ආන්ඩුව කිසිම හිරිකිතයක් නැතිව ඒ දෙකම උල්ලගනය කරලා අද මාධ්‍ය වෙදීන්ට රටේ ඇත්ත තත්වය නිවැරදිව වාර්ථා කරන්න බැහැ. අද මේ ආන්ඩුවට ඡන්දේ දීපු කෙනෙක් හොයා ගන්න නැහැ. වෙනසක් ඉලාගෙන ඡන්දේ දීපු අයට අද කට උත්තර නැති වී තියෙනවා. ආණ්ඩුව කරපු එක වැඩක් එක වැඩක් පුළුවන් නං පෙන්වන්න. 

මහින්ද බනින එකයි. අපිව එෆ්.සී,අයි.ඞී. එක ගෙනියන එක ඇරෙන්න ආණ්ඩුව මොනවද කලේ. ගමට ගිහාම ඉනිස්සු අහන්නේ මේ ආණ්ඩුව ඉක්මනට පෙරලන්නේ නැත්තේ ඇයි කියලා මේ ආන්ඩුවට ඡුන්දේ දීපු මිනිස්සුන්ට හෙට අනිද්ධාට සිද්ධ වෙන්නේ අත කපා ගන්න. මේ ආණ්ඩුවට මුක්කු ගහන දෙපත් නයින්ට ඉදිරි පලාත් පාලන මැතිවරණයේදි අපේ සහාය නැහැ එකාබද්ධ විපක්‍ෂය ලෑස්ති නැ රට නැවත අනතුරේ හෙලන්න. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව දුරටත් ආන්ඩුවත් එක්ක මුක්කු ගහගෙන ඉන්නවා නම් ඉදිරි පලාත් පාලන මැතිවරණයේදි එකාබද්ධ විපක්‍ෂයේ සහාය ඔවුන්ට දෙන්නේ කොහොමද? එහෙම උනොත් අපි ආණ්ඩුවට විරුද්ධව තරඟ කරන වෙනත් කණ්ඩායමකට සහාය දෙනවා. මේ ආන්ඩුවට විරුද්ධ අලූත් බල වේගය මේ වන විට ගොඩ නැගිලා ඉවරයි ඉදිරියේදි ඔවුන් සමග එක්ව මේ ආණ්ඩුව ගෙදර යැවීමට අපි පියවර ගන්නවා.

ප‍්‍රදීප් අනුර කුමාර


උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad