චීන තානාපති විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 7, 2016

චීන තානාපති විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයි

චීන තානාපති විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ලියෑන්ලන් මහතා ශ්‍රී ලංකාවේ නව රජය විවේචනය කරමින් පසුගියදා සිදුකළ ප්‍රකාශ පිළිබඳව රජයේ බලවත් කනගාටුව ප්‍රකාශ කිරීමට හා ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ඔහුව විදේශ කටයුතු අමාතාංශයට කැඳවීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ වනවිට ඉන්දීය සංචාරයකට එක්ව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා නැවතත් ලංකාවට පැමිණි පසු මෙම සතියේදී  චීන නාතාපතිවරයා කැඳවීමට නියමිත බව වාර්තා වේ.

චීන හා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ චීන තානාපති කාර්යාලයේ පැවැති වැඩසටහනකදී ඔහුගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් චීන තානාපතිවරයා මෙරට රජය විවේචනය කරමින් කරුණු සඳහන් කළේය.

එහිදී ඔහු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ද විවේචනය ලක් කළේය.

ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගත් ණය පිළිබඳව මෙන්ම චීනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද වැඩමුළුවේදී චීන තානාපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

චීනයෙන් වැඩි පොලියට ණය ලබාගෙන ඇති බවට රජය කළ ප්‍රකාශ පිළිබඳ තමන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසූ බවත්, ශ්‍රී ලංකාවට 2% ක පොලියට පවා චීනයෙන් ණය ලබාදී ඇති බවත් චීන තානාපතිවරයා මෙහිදී පැවසීය.

චීනයෙන් වැඩි පොලියට ණය ලබාගෙන ඇත්නම් නැවතත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ ඇයිදැයි යනුවෙන් ද ඔහු ප්‍රශ්න කර සිටියේය.

පසුගියදා මහනුවරදී රවී කරුණානායක මහතා චීන තානාපතිවරයා සඳහන් කළ කරුණු පිළිබඳව විවේචනාත්මකව කරුණු සඳහන් කළේය.

කෙසේ නමුත් චීන රජය නියෝජනය කරමින් චීන තානාපතිවරයාට ශ්‍රී ලංකාව පිළිබඳ කිසියම් පැමිණිල්ලක් කිරීමට ඇත්නම් මුලින්ම විදේශ කටයුතු අමාත්‍යාංශය හමුවිය යුතුව තිබූ බව එහි ඉහළ පෙළේ  නියෝජිතයෙක් පැවසීය.

චීන තානාපතිවරයාගේ ප්‍රකාශය වෘත්තීයභාවයෙන් තොර වුවද, ඔහුගේ ප්‍රකාශයෙන් චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයට කිසිදු ගැටලුවක් ඇති නොවුණු බවද එම නියෝජිතයා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad