ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව

ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව
ජනතා විමුක්ති පෙරමුණ 2017 අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා කියාසිටියේ රජය ඉදිරිපත් කළ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත සකස් කළ ණය,බදු හා දඩ වලින් පිරි ජනතාව කබලෙන් ලිපට දැමූ එකක් බවයි.

රට ණය උගුලක සිර කරන ආණ්ඩුවේ මෙම කොල්ලකාරී ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව ජනතාව පෙළගැස්වීමට ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බවද ඒ මහතා කියාසිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

"මේ ආණ්ඩුව අයවැයට කලින් වැට් බදු පනත ගෙනැල්ලා මීට පෙර නොතිබූ ක්‍ෂේත‍්‍ර ගණනාවක වැට් බද්ද එකතු කළා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ බයිපාස් සැත්කම්වලට, ස්නායු රෝග සැත්කම්වලට රුපියල් ලක්‍ෂය, එක හමාර, මුදලක් වැඩිවුණා. එම්.ආර්.අයි. ස්කෑන් ඇතුළු පරීක්‍ෂණවල මිල ඉහළ ගියා. එසේ තිබියදී ආණ්ඩුව අයවැය ගෙනැල්ලත් කළේ ජනතාවට බදු පිට බදු ගහන එකයි. 

රවී කරුණානායකගේ අයවැයෙන් කියනවා, 2017 වර්ෂයේ ආදායම රුපියල් කෝටි 204,900ක්ද වියදම රු.කෝටි 346,900ක්ද කියලා. අයවැය හිඟය රු. කෝටි 157,900ක් වෙනවා. ඒ අනුව අයවැය හිඟය පියවා ගැනීමට රු. කෝටි 157,900ක ණය මුදලක්  ආණ්ඩුවට ලබාගන්න වෙනවා. මේ වනවිට ණය පොලිය රු. කෝටි 68,000ක් වෙනවා. 

ණය වාරිකය රු. කෝටි 80,000ක් වෙනවා. රාජපක්‍ෂ පාලනය වගේම මේ ආණ්ඩුවත් ණය මත දුවන පාලනයක්. වැට් පනත ගෙනැල්ලා ජනතාව මත බදු පැටෙව්වා වගේම මේ අයවැයෙනුත් ජනතාව මත බදු බර පටවලා. අලූතෙන්ම පනවන බදු ආදායමෙන් රු. කෝටි 39,000ක් හොයාගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. 

එම බදු ආදායමෙන් රු. කෝටි 23,200ක්ම භාණ්ඩ හා සේවා මත පනවන බදුයි. කෝටි දෙකක ජනතාවක් එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා මත බදු බර පටවලා මේ ආදායම හොයන්න ආණ්ඩුව යෝජනා කරලා තිබෙනවා".

No comments:

Post a Comment

Post Bottom Ad