ශ්‍රී පාද අර්බුදය: හෝටලය හැදෙන තැන ගැන විශේෂ අනාවරණය (ගුවන් ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

ශ්‍රී පාද අර්බුදය: හෝටලය හැදෙන තැන ගැන විශේෂ අනාවරණය (ගුවන් ඡායාරූප)

ශ්‍රී පාද අර්බුදය: හෝටලය හැදෙන තැන ගැන විශේෂ අනාවරණය (ගුවන් ඡායාරූප)

ශ්‍රී පාද රක්ෂිතයට යාබද පීක්ෆීල්ඩ් වතුයායේ ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතන භූමිය හා එම වතුයාය නැරඹීමට එම වතුයායේ පාලන අධිකාරිය ඊයේ (02) මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදී තිබේ.

නල්ලතන්නිය නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ එපිටින් වූ මාවුස්සාකැලේ ජලාශයට ගලා බසින ගාඩ්මෝර් දිය ඇල්ල සහ මරේ දිය ඇල්ලට ඉදිරියෙන් මෙම නිවාඩු නිකේතනය ඉදිකිරීමට එම වතුයාය අයිති සමාගම විසින් අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාගනෙ ඇත.

ඩුබායි රාජ්‍යයේ අයිතිකරුවෙකුට අයත් මෙම ඉඩම තුන්වන ගැනුම්කරු ලෙස මීට වසර 04කට ප්‍රථම නව අයිතිකරු විසින් ලබාගත් බවත් ඔහු ඇතැම් අවස්ථාවල හෙලිකොප්ටර් මගින් පැමිණෙන නිසා ගුවන් පථයක් ද ඉදිකළ බවත් එම වතුයායේ වතු අධිකාරී දිෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඇතැමුන් පවසන ආකාරයට ශ්‍රී පාදය ආසන්නයේ හෝ ශ්‍රී පාදස්ථානයට අවමන් කිරීමේ පරමාර්ථයෙන් මෙම නිවාඩු නිකේතනය ඉදිකිරීමට සැලසුම් කර නොතිබූ බවට ඔහු අවධාරණය කරයි.

නව නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා තිබූ පැරණි නිවාඩු නිකේතනය කඩා ඉවත් කළ බව සඳහන් කළ ඔහු කියාසිටියේ මෙම නිවාඩු නිකේතනය ඉදිකිරීමට විරුද්ධ වන ඕනෑම අයෙකුට තම වතුයායට පැමිණ එය පරීක්ෂා කර බැලිය හැකි බවයි.

ශ්‍රී පාදස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වන අතර තම සමාගම විසින් ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනය ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බවත් ඒ තුලින් එම නිවාඩු නිකේතනය ශ්‍රී පාදස්ථානය පාදක කර ගනිමින් විරුද්ධ වන්නේ කුමන පදනමින් ද යන්න වතු අධිකාරීවරයා ප්‍රශ්න කර සිටී.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් තමන්ට මේ වනතෙක් ලිඛිතව ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනය වැඩ ආරම්භ නොකරන ලෙසට දැනුම් දී නොමැති බවද වතු අධිකාරීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.

ඡායාරූප පහතින්.


හැටන් - රංජිත් රාජපක්ෂ 

No comments:

Post a Comment

Post Bottom Ad