සදාචාරයට පටහැනිය කියා විවාහක රූප රැජිණ තරගයේ බිකිනි හා පිහිනුම් ඇඳුම් ඉසව්වෙන් ගයාත්‍රි ඉවත්වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 22, 2016

සදාචාරයට පටහැනිය කියා විවාහක රූප රැජිණ තරගයේ බිකිනි හා පිහිනුම් ඇඳුම් ඉසව්වෙන් ගයාත්‍රි ඉවත්වෙලා


සදාචාරයට පටහැනිය කියා
විවාහක රූප රැජිණ තරගයේ බිකිනි හා පිහිනුම් ඇඳුම්
ඉසව්වෙන් ගයාත්‍රි ඉවත්වෙලා



පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර රටවල් 20 ක සහභාගීත්වයෙන් පැවති මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් රඋප රැජිණ තරගයට ලංකාව නියෝජනය කරමින් සහභාගීවූයේ ටෙලි නිළි හා රූපලාවන්‍ය වේදිනී ගයාත්‍රී ඩයස්ය.
ඇය එහිදී තරග කිරුළ ජයග්‍රහණය නොකළ නමුත්  5 වැනියා වූ අතර මිසිස් ටැලන්ට් ලෙස
තෝරාගත් ඉසව්ව පමණක් ජයගෙන තිබුණා.
එම තරගයේ  බිකිණි සහ ස්විමින් කිට් තරග වට දෙකටම සහභාගී නොවූ ගයාත්‍රී ඒවාට හිමි ලකුණුද අහිමි කරගෙන තිබුණා. එම වට වලට සහභාගී නොවීම ගැන පසුගිය සති අන්ත පුවත්පතකට ඇය මෙසේ ප්‍රකාශ කර තිබුණා.


මගේ ලොකු ලෑස්තියකුත් තිබුණෙ නෑ. ඒත් තරගාවලියෙ මිසිස් ටැලන්ට් වෙන්න පුළුවන් වුණා. මම බිකිණි සහ ස්විමින් කිට් තරග වට දෙකටම සහභාගි වුණේ නෑ ඒ තරග වට දෙකට සහභාගි නොවීම කිරුළට ළඟා වෙන්න ප්‍රශ්නයක් වෙනවා

ලංකාවේදී ඔබ දැනුවත් වෙලා හිටියෙ නැද්ද ඔය තරග වට ගැන?

දැනගෙන හිටියා.

එහෙනම් ඒ තරග වටයට සහභාගි නොවුණේ?
මම තරග සංවිධායකවරුන්ට දැනුම් දුන්නා අපේ රටේ සංස්කෘතියට සදාචාරයට ඒ ඇඳුම නොගැළපෙන නිසා ඒ වට දෙකට ඉදිරිපත් වෙන්නෙ නෑ කියලා. ඔවුන් ඒකට අවසර දුන්නා.

ලැජ්ජාව බය, සංස්කෘතිය සදාචාරය, ඔළුවෙ තියාගෙන ඔය තරගවලට සහභාගි වෙන්න බෑනේ?
කතාව ඇත්ත. ඒත් මට ඒ සීමාව පනින්න හිත හදාගන්න බැරි වුණා.


සාකච්ඡා සටහන - හිමේෂා සවන්ති රාජපක්ෂ




No comments:

Post a Comment

Post Bottom Ad