ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීමක් අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ප්‍රකාශ කළේ අද පෙරවරු 09.00 ට මෙම රැස්වීම ආරම්භවීමට නියමිත බවයි.

නව ව්‍යවස්ථාව සකස් කිරීමට අදාළව මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන ලද අනු කමිටු වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින ආණ්ඩුක්‍රම ව්‍යස්ථා මණ්ඩලයට පිළිගැනීමට නියමිත බව ද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment