2500 දඩය 15000ක් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 19, 2016

2500 දඩය 15000ක් වෙයි

2500 දඩය 15000ක් වෙයි

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අය කෙරෙන දඩය රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ බීමතින් රිය පැදවීමේ වරදට මෙතෙක් අය කෙරුණු රුපියල් 1,000 දඩය ද රුපියල් 15,000 දක්වා වැඩිකිරීමට තීරණය කර ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රථවාහන අවම දඩය වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එලෙස දඩ මුදල වැඩි කිරීමේ වරද කුමක්දැයි තමා ප්‍රශ්න කර සිටින බවත් දඩ ගෙවීමට අවශ්‍යය නැතිනම් වැරදි නොකර සිටීමට සියල්ලන්ම වගබලා ගතයුතු බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad