ජල මණ්‌ඩලයත් පාඩු ලබන ආයතන ගොඩට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

ජල මණ්‌ඩලයත් පාඩු ලබන ආයතන ගොඩට?

ජල මණ්‌ඩලයත් පාඩු ලබන ආයතන ගොඩට?

ජල ගාස්‌තු සියයට 30 කින් ඉහළ නොදැමුවහොත් ජල සම්පාදන මණ්‌ඩලය ලබන වසර තුළ රුපියල් බිලියන නවයක පාඩුවක්‌ ලබනු ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

ඔහු මේ  බව පැවසූයේ ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

මේ වන තෙක්‌ මහා භාණ්‌ඩාගාරයෙන් නොයැපුණු ආයතනයක්‌ වන ජල සම්පාදන මණ්‌ඩලයට ගාස්‌තු වැඩි නොකිරීම නිසා අත්විඳීමට සිදුවන පාඩුව සම්බන්ධයෙන් මහා භාණ්‌ඩාගාරයෙන් යම් සහනයක්‌ බලාපොරොත්තු වන බවත් ජල ගාස්‌තු වැඩි වීම සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා පත්කළ අනුකමිටුව මගින් එම ගාස්‌තුව කොපමණ ප්‍රතිශතයකින් අඩු විය යුතුද, කවදා සිට එය ක්‍රියාත්මක කළ යුතුද යන්න දැනුම් දෙනු ඇති බවත් ඇමැතිවරයා පැවසී ය.

ජල සම්පාදන මණ්‌ඩලය මගින් ලබාදෙන ජල පහසුකම් හිමිවන පාරිභෝගිකයන් සංඛ්‍යාව ප්‍රතිශතයක්‌ ලෙස රටේ ජනගහනයෙන් සියයට 45 ක්‌ බවත් ඉතිරි සියයට 55 සඳහා ජල පහසුකම් ලබාදීම ද ජල ගාස්‌තු සියයට 30 කින් ඉහළ දැමීමේ අරමුණක්‌ වූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පස්‌ දෙනකුගෙන් යුත් පවුලක සාමාන්‍ය මාසික ජල බිල රුපියල් 310 ක්‌ බවත් සියයට 30 කින් ජල ගාස්‌තු ඉහළ දැමූ විට එය රුපියල් 540 ක්‌ වනු ඇති බවත් ඒ අනුව දිනක සාමාන්‍ය ජල ගාස්‌තුව රුපියල් 18 ක්‌ බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad