හෙළ උරුමයෙන් ආණ්ඩුවට චෝදනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

හෙළ උරුමයෙන් ආණ්ඩුවට චෝදනාවක්

හෙළ උරුමයෙන් ආණ්ඩුවට චෝදනාවක්

ලබන වසර සඳහා අයවැය යෝජනා මඟින් උසස්‌ පෙළ සියලු සිසු සිසුවියන් සඳහා "ටැබ්" පරිගණක යන්ත්‍රයක්‌ ලබා දීමේ යෝජනාව කිසිදු විද්‍යානුකූල පදනමකින් තොරව සිදු කළ අමනෝඥ යෝජනාවක්‌ බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

මෙය අධ්‍යාපනඥයන්ගේ විමසීමකින් තොරව සිදු කර ඇති කටයුත්තක්‌ බවත් ගොඩනැඟිලි සහ භෞතික සම්පත්වලින් අධ්‍යාපනය දියුණු කළ නොහැකි යැයිද රජය විසින් කළ යුත්තේ රටේ සෑම පාසලක්‌ම දියුණු කිරීමට කටයුතු කිරීම බවත් හෙතෙම සදහන් කළේය.

වත්මන් ආණ්‌ඩුව නවෝත්පාදන අර්ථිකයක්‌ පිළිබඳ කතා කළද ඒ සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක්‌ නැතැයිද වර්ණසිංහ මහතා චෝදනා කළේය.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (16) එම අදහස්‌ පළ කළේ පන්නිපිටිය පාර බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad