සාගල දොට්ට දැම්මොත් ….ශ්‍රීලනිප බත් බැලයන්ට හොද පාඩමක් උගන්වනවා…. රනිල් කිපේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

සාගල දොට්ට දැම්මොත් ….ශ්‍රීලනිප බත් බැලයන්ට හොද පාඩමක් උගන්වනවා…. රනිල් කිපේ

ආබාධිත රණවිරුවන් ඉලක්ක කර පහරදිමට පොලිස්පතිවරයා කටයුතු කලේ නීතිය සා සාමය පිළිබද අමාත්‍ය,අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායකගේ කීමට අනුව බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සාගල නීතිය සා සාමය පිළිබද අමාත්‍යධුරයෙන් ඉවත් කලයුතු බවට ජනාධිපතිවරයා අගමැතිවරයාට යෝජනා කිරිමට යෑම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ රනිල්-සිරිසේන අළු යට ගින්දර යලි මතුව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සාගල රත්නායකගේ අමාත්‍යාංශය වෙනස් කිරිම සම්බන්ධයෙන් යම් තින්දුවක් ගැනිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායම් ගන්නා ක්‍රියාමාර්ග නතර කිරිමට ජනාධිපතිවරයා සමත් නොවන්නේ නම් එය ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප ඇමතිවරුන්ට හරහට සිටිය හැකි බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට අනතුරු ඇගවිමක් කරමින් පණිවිඩයක් යවා තිබේ.

පසුගියදා ආබාධිත රණවිරුවන්ට එල්ල කල මිලේච්ඡ පොලිස් ප්‍රහාරය දඩමිමා කරගනිමින් නීතිය සා සාමය පිළිබද අමාත්‍ය,අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායක මහතා වහාම ඉවත් කිරිමට කටයුතු කලයුතු බවට ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බැලයන් යොජනා කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ පසුගියදා රණවිරුවන් ඉලක්ක කර පොලිසිය එල්ල කල ප්‍රහරය පසුපස එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ ප්‍රබලයන් සිටින බවට එජාප නී.නායක සජිත් ප්‍රේමදාස මහතාද අනාවරණය කර ඇති බවත් එම ප්‍රහාරය හරහා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් රටේ රණවිරුවන් තුල වර්ධණය වෙමින් තිබේන අප්‍රසාදය තවත් වර්ධණය කිරිමට එජාපයේ රනිල් පිල මෙම කුමන්ත්‍රණය දියත් කර තිබේන බව මෛත්‍රී පිළ ජනාධිපතිවරයාට පෙන්වා දි තිබේ.

කෙසේවෙතත් ඉන්දිය සංචාරය අතරතුර ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඇතුල්විමට ගිය ආබාධිත රණවිරුවන් ඉලක්ක කර පොලිසිය පහරදිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුව කල ප්‍රකාශය පිළිබදව ආරක්ෂක ලේකම්වරයා මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කනස්සල්ලෙන් පසුවන බවයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කළේ. 

ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ රණවිරුවන්ගේ උද්ඝෝෂණය සහ ඔහුන්ගේ විරෝධතාව පිළිබඳව දිගින් දිගටම ඉන්දියාවේ සිටි ජනාධිපතිවරයා දැනුවත් කිරිමට කටයුතු කර ඇති “ආරක්ෂාව වෙනුවෙන් ඔනෑම පියවරක් අනුගමනය කරන්න ” යනුවෙන් දුන් නියෝගය මත පොලිස්පතිවරයා අදාල විසුරුවා හැරිමේ නියෝග ලබාදිමට කටයුතු කිරිමයි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධුර දරණ අය මෙන්ම ශ්‍රීලනිපය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුව නියෝජනය කරන ඔනැම අයෙකු වෙනුවෙ ඉදිරිපත් වි ඇති චොදනා සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදුකරන ලෙස නීතිය හා සාමය පිලිබඳ ඇමැති සාගල රත්නායක මහතා FCID යේ සහ CID යේ ලොක්කන් කැඳවා නියෝග කිරිමත් සමග සාගල සම්බන්ධයෙන් ශ්‍රීලනිප ඇමතිවරුන් සහ එජාපයේ සජිත් පිළේ කණ්ඩායම් අතර අර්බුදයක් හට ගත්තා.

මිට අමතරව ජනාධිපතිවරයාගේ බලපෑම මත නැපයියාගේ“අල්ල(ස්) කික්කි… හෙවත් දඩයම් මන්දිරයේ දඩයම් කුමාරී වන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් තනතුරින් ඉවත් වි යෑමට බලපෑම් කල අකාරයටම එජාපයට අවාසිදායක මෙන්ම එජාපයේ ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම විනාශ කරමින් සිරිසේන ජනාධිපතිවරයාට කඩේ යන පොලිස්පති පූජිත් ජයසුන්දරද වහාම ඉවත් කිරිමට එක්සත් ජාතික පක්ෂය මෙහෙයුමක් දියත් කල අතර එම මෙහෙයුමද සිරිසේනගේ මැදිහත් විමෙන් සම්පූර්ණයෙන් මර්දණය කිරිමට පුජිතට හැකි වුනා.


උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad