බස්නාහිර ත්‍රීරෝදවලට මීටර් අනිවාර්ය නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

බස්නාහිර ත්‍රීරෝදවලට මීටර් අනිවාර්ය නෑ

බස්නාහිර ත්‍රීරෝදවලට මීටර් අනිවාර්ය නෑ
බස්නාහිර පළාත් සභා සීමාවේ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචිය පෙර පරිදිම සිදුකරන අතර අනිවාර්යෙන්ම සිදුකළ යුතුව තිබූ මීටර් සවිකිරීම පමණක් බස්නාහිර පළාත් සභාව විසින් නතර කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත නුවන් වනිගරත්න මහතා පවසයි.

මහ අැමතිවරයා විසින් පත්කළ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම තීරණය ගෙන ඇති නමුත් මගී ප්‍රවාහනය ලියාපදිංචි කිරීම නතර කිරීම සඳහා එම කමිටුව තීරණය නොකළ බවත් වනිගරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad