මහින්ද, බැසිල් අලුත් පක්ෂයෙන් වැඩ අරඹයි - ශාඛා සමිති 3600ක බලය බැසිල් අතට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

මහින්ද, බැසිල් අලුත් පක්ෂයෙන් වැඩ අරඹයි - ශාඛා සමිති 3600ක බලය බැසිල් අතට (VIDEO)

දිවයින පුරා ඇති ග්‍රාම සේවක වසම් 14029කින් නොවැම්බර් 01 වැනිදා වන විට ග්‍රාම සේවා වසම් 3600ක පිහිටුවා ඇති ශාඛා සමිතිවල බලය නව බලවේගයට හිමිව ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නව පක්ෂය ලියාපදිංචි වීමත් සමගම නව වැඩපිළිවෙල වේගවත් වූ බවත් නොවැම්බර් 15 වැනිදා වන විට 12,000 ඉලක්කය පසු කිරීමට හැකියාවක් ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

තවත් කෝප් වාර්තා දෙක තුනක් ආවොත් තමන් ඇතුළු නව පක්ෂය ගොඩයන බවද මහින්ද රාජපක්ෂ මහතාගේ නව නොකියා මරණාධාර සමිතියක සභාපති ධූරයක් හෝ ලබා ගත නොහැකි තත්ත්වයක් ඇති වී ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

පොහොට්ටුව ලකුණින් නිර්මාණය වූ නව දේශපාලන පක්ෂයේ ජය තහවුරු බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.

ඔහු මේ අදහස් පළ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව පක්ෂය පිහිටුවාගැනීමෙන් පසු පාක්ෂිකයින් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ, උඩුගම්පොළ රෙජීරණතුංග සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එම වීඩියෝව පහතින් නරඹන්න...


 

No comments:

Post a Comment

Post Bottom Ad