රතන හිමිගේ බේගල් මාට්ටු මාට්ටු වූ සුන්දර අවස්ථාවක්.. සාධු කියන්න පිංනවතුනි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 21, 2016

රතන හිමිගේ බේගල් මාට්ටු මාට්ටු වූ සුන්දර අවස්ථාවක්.. සාධු කියන්න පිංනවතුනි..

1975 වසර වන විට ශ‍්‍රී ලංකාව විදේශ රටවලට ශත පහක්වත් ණය නැතැයි පාර්ර්මේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් විසින් අම්බලන්තොටදී පැවති ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී පල කරන ලද අදහස් මුලූමනින්ම අසත්‍ය බව තොරතුරු මුලාශ‍්‍ර සහිත අප වෙත පාඨකයෙක් දන්වා සිටී.

මෙහි දැක්වෙන්නේ ඔහුගේ පැහැදිලි කිරීම හා අදාල මුලාශයි.

1948 නිදහසෙන් පසුව ශ්‍රීලංකාවේ මෙතෙක් තිබූ සෑම රජයක්ම රටේ වියදම් පියවාගැනිම සඳහා වාර්ෂිකව දෙශියවත් විදේශීයවත් ණය ලබාගෙන ඇත. ජාත්‍යන්තරව ණය දෙන ආයතනයන් වන ලෝක මූල්‍ය අරමුදල, ලෝක බැoකුව් , අසියානු සoවර්ධන බැoකුව මෙන්ම වීදේශිය ණය ලබා දෙන ආයතන හරහා ණය ලබාගන්නා අතර දේශීයව මහාභාන්ඩාගාර බිල්පත් මෙන්ම රාජ්‍ය සම්පත් විකිණීමෙන් මුදල් ලබාගැනිම කරයි.

1950 දි ශ්‍රීලංකාවේ දල දේශිය නිශ්පාදනයෙන් GDP න් 17% වූ ණය ප්‍රමාණය 1960 වනවිට 34% දක්වාත් 1970 දි 64% දක්වාත 1980 දි 77% දක්වාත් 1990දි 97% දක්වාත් වැඩි විය. නිදහස් ශ්‍රී ලංකාවේ පලමු වරට රටේ දල දේශිය නිශ්පාදනය අභිබවා එනම් 106% දක්වා ණය ප්‍රමණය ඉහල ගොස් රටේ සමස්ථ ආර්ථිකයේ රිනාත්මක තත්ත්වයකට පත්වූයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේය.

2005 මහින්ද රාජපක්ෂ යුගය ඇරැඹූ අතර රටේ ත්‍රස්තවාදී යුද්ධයේ බිහිසුනුම අවස්ථාවට මුහුණ දෙමින් කොටි ත්‍රස්තවාදීත් ශ්‍රීලංකාවෙන් තුරන් කිරීම 2008 වන විට අවසන් කොට ශ්‍රීලංකාවේ සාමය දීර්ඝකාලීන ස්ථාපිත කරන ලදි. ඒ අනුව ණය ප්‍රමාණය එම වසරේ 82% ක්ද ඉන් පසුව වාර්ෂිකව අඩු කරමින් 2014 වර්ෂය වන විට ශ්‍රීලංකාවේ දල දේශිය නිශ්පාදනයෙන් GDP න් 71% දක්වා ණය ප්‍රමාණයකට අඩු කර ගන්නා ලදි මෙය ශ්‍රීලංකාව 1977 ට පෙර තිබු තත්ත්වයයි.

මේ අවදියේ ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරය, කෙරවලපිටිය තාප විදුලි බලාගාරය සහ නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය, දකුණු අධිවේගය, කටුණායක එක්ස්ප්‍රස් වේ, හම්බන්තොට වරාය මත්තල දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, දකුණු කොළඹ වාරය සoවර්ධනය නිම කොට තිබූ අතර කොළඹ පෝර්ට් සිටි ව්‍යාප්තිය උතුරු අධිවේගය හා සාම්පුර් ගල් අඟුරු විදුලි බලාගාර සඳහා මූලික කටයුතු ආරම්භ කොට තිබුනි.

එමෙන්ම පොහොර සහනාධාරය, පාසැල් නිල ඇදුම්, ග්‍රාමීය සoවර්ධනය, පාරවල් කාපට් කිරිම්, ගම නැගුම, පුර නැගුම, එක ගමකට එක වැඩක් මෙන්ම කෘෂිකර්මය හරහා අපි වවමු රට නගමු වැනි වැඩසටහන් රාශියක් මෙයට සමගාමීව ක්‍රියාත්මක කරන ලදි.

එහෙත් නව රජය 2015 ජනවාරි 8 වෙනිදා පැමිණිමෙන් පසුව නැවතත් අපේ රටේ දල දේශිය නිශ්පාදනයෙන් ණය ප්‍රමාණය ඉහළ යෑමට පටන් ගෙන ඇත , 2015 වසරේ 76% දක්වා ඉහළ ගොස් ඇති ණය ප්‍රමාණය 2016 වන විට අඩු නොවන බව රටේ ආර්ථික වර්ධන වේගය අඩුවීම අනුව අනුමාන කල හැක.


 

No comments:

Post a Comment

Post Bottom Ad