ලූණු ගොවීන්ගෙන් චෝදනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 27, 2016

ලූණු ගොවීන්ගෙන් චෝදනා

ලූණු ගොවීන්ගෙන් චෝදනා

දේශීය ලොකු ලූණු අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු ගොවීන් පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූණු කිලෝ ග්‍රෑමයක් රුපියල් 40 සිට 60ක් දක්වා මිලකට පවතින අතර එම මිලට හෝ තම අස්වනු මිලදී ගැනීමට වෙළෙන්දන් මැලිකමක් දක්වන බව ගොවීන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී දඹුල්ල ආර්ථික මධ්‍යන්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා සඳහන් කළේ දිනකට ලොකු ලූණු කිලෝ ග්‍රෑම් ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් ගොවීන් විසින් රැගෙන එන බවයි.

කොළඹ හා අනෙකුත් ප්‍රදේශ වල විදේශීය ලොකු ලූණු අඩු මිලට අලෙවි වීම හේතුවෙන් පිටස්තර වෙළෙන්ඳන් දේශීය ලොකු ලූණු මිලදී ගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත නොපැමිණෙන බවද  ක්‍රිස්ටි විජේරත්න මහතා පැවසුවේය.

කෙසේවෙතත් මාස 03ක් යන තුරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විදේශීය ලොකු ලූණු අලෙවි නොකිරීමට වෙළෙඳ සංගමය තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

No comments:

Post a Comment

Post Bottom Ad