කෝටි 2 ක හෙරෝයින් සමඟ ඉන්දීය ධීවරයින් 3ක් දැලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 27, 2016

කෝටි 2 ක හෙරෝයින් සමඟ ඉන්දීය ධීවරයින් 3ක් දැලේ

කෝටි 2 ක හෙරෝයින් සමඟ ඉන්දීය ධීවරයින් 3ක් දැලේ

මන්නාරම, ශිලාවතුර අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු සීමාවේදී ධීවරයන් ලෙස වෙස්වලාගෙන මන්නාරම් මුහුදු සීමාවට රුපියල් කෝටි 02කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්‍ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02ක් ගෙන ආ ඉන්දීය ධීවර සැකකරුවන් 03දෙනෙකු අද (27) අළුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ධීවර කටයුතුවල නිරත වන මුවාවෙන් අදාළ සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර හෙරෝයින් තොගය මාලු බහාලන භාජනයක තිබියදී මෙම ධීවරයින් සමග කුඩා බොට්ටුවක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයට බාරදීමට පියවර ගෙන ඇති අතර මෙම පිරිස් මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර පසුගියදා ශිලාවතුර අරිප්පු ප්‍රදේශයේදී නාවික හමුදාවේ නිලධාරීන්ට පහරදීමත්, මෙම ජාවාරමත් අතර සම්බන්ධයක් ඇත්දැයි සැකයක් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති බව නාවික හමුදාව නිවේදනය කරයි.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

No comments:

Post a Comment

Post Bottom Ad