උතුර රත් වෙද්දී, සිරිසේන- රනිල් දකුණේ ගැටුමක්,උතුරේ අන්තවාදය පසුපස එජාපය! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 1, 2016

උතුර රත් වෙද්දී, සිරිසේන- රනිල් දකුණේ ගැටුමක්,උතුරේ අන්තවාදය පසුපස එජාපය!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය වටා දමිළ, මුස්ලිම්  ජනතාවගේ විශ්වාසය ගොඩනැගීමෙන් තිබේන අවස්ථාවක එය විනාශ කර දැමිම සදහා උතුරේ අන්තවාදි දේශපාලන කල්ලි එක්සත් ජාතික පක්ෂ නායකයා විසින් මෙහෙයවමින් සිටින බවට තොරතුරු අනාවරණය වි ඇති බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනීප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පුලුල් ලෙස සාකච්ඡා කල බව මෛත්‍රී පිළේ ප්‍රබලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයට තිබුනු විශාලතම ජනපදනම වු සුළු පක්ෂ වල ඡන්ද පදනම පසුගිය ජනාධිපතිවරණයේන් පසුව ක්‍රමිකව අඩුවි ගිය බවත් එම ජනතාවසිරිසේන ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තැබිම හේතුවෙන් එජාපයේ එම සුළු ඡන්ද පදනම දෙදරා ගොස් ඇති බවට එජාපයම පිළිගෙන තිබේන බවද ඔහු සදහන් කර තිබේ.

යම් තීරණාත්මක මැතිවරණයකදි සුළු පක්ෂවල ඡන්දය ඉතාමත් වැදගත් බවත් හිටපු ජනාධිපතිවරයා නව පක්ෂයක් සැදිමට කටයුතු නොකලහොත් සුළු පක්ෂද ශ්‍රීලනිපය සමග එක්ව තරග කිරිමට කටයුතු කිරිම හරහා ඉතා විශාල ජයග්‍රහණයක් ලබා ගැනිමට ශ්‍රිලනීපය ප්‍රමුඛ සන්ධානයකට හැකියාව ඇති බවයි මෛත්‍රී පිළේ ප්‍රබලයා සදහන් කර ඇත්තේ.

මේ හේතුවෙන් ජනාධිපතිවරයාට තින්දුවක් ගැනිමට නොහැකි වන ආකාරයට උතුරේ ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය කිරිමට එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර ඒ හරහා සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සුළු දේශපාලන පක්ෂ වලට ඇතිවි ඇති විශ්වාසය විනාශ කර දැමිමට කටයුතු කරමින් සිටින බවද ඔහු අනාවරණය කර තිබේ.

සිරිසේන ජනාධීපතිවරයා සහ එජාප කැරලිකාර කණ්ඩායම එක්ව ඒජාප නායකත්වය පරදවා දැමිම සඳහා සීමිත මෙන්ම රහසිගත කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණය වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හටගෙන ඇති සිතල යුද්ධය පිළිබදව අප දේශපාල වාර්තාකරු මිට දිනකිහිපයකට පෙරද වාර්තා කළා.

එම කුමන්ත්‍රණයට අනුව මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂයට කවදත් හිතවත් මෙන්ම මැතිවරණ වලදි එකට තරග කිරිමට කටයුතු කරන සිංහල නොව සුළු දේශපාලන පක්ෂ (ද්‍රවිධ ජාතික සන්ධානය,ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය) වැනි මැතිවරණ වලදි තීරණාත්මක සාධකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සමග එකතු කිරිම හරහා එජාපය දුබල කිරිම මෙම කුමන්ත්‍රණය හරහා ක්‍රියාත්මක වන බවයි රනිල් පිළේ ප්‍රබලයා අනාවරණය කර ඇත්තේ.

එම කුමන්ත්‍රණය හරහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම සම්පූර්ණයෙන් බිඳදමා ඒ හරහා ඉදිරි මැතිවරණ වලදි එක්සත් ජාතික පක්ෂය පරජය කිරිමත් ඒ හරහා රනිල්ගේ නායකත්වය අඩපණ කිරිමත් අරමුණ වි ඇති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ..මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා සමග සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවත් ඉදිරියේ ඒ පිළිබඳව ගන්නා තින්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතව ඇති බවද රනිල් පිළේ ප්‍රබලයා අනාවරණය කර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නවසීලන්ත සංචාරයට පෙර තමන් හමුවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල අරාධනය ප්‍රතික්ෂ්ප කිරිමට අගමැතිවරයා කටයුතු කර ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.අගමැතිවරයා ප්‍රමුඛ 10දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නවසීලන්ත සංචාරයක් සදහා අද දහවල් 12.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත්ව ගිය අතර එම සංචාරයට පෙර තමන් පෞද්ගලිකවම හමුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පණිවිධ කිහිපයක්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ලබාදි තිබේ.

නමුත් ඔනෑකමින්ම අගමැතිවරයා එම හමුව මගහැර ඇති අතර උතුරේ විග්නේෂ්වරන්ගේ  හැසිරිම සහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා අගමැතිවරයා මේ අකාරයට කැදවා ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ

සිරිසේන එජාප සුළු ඡන්ද හලා රනිල්ට ගේමක් දෙයි….



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad