ජනාධිපති අරමුදලෙන් පුද්ගලික ගිණුම්වලට මුදල් දාගෙන.. – චන්ද්‍රිකාට එරෙහිව බරපතල චෝදනාවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 20, 2016

ජනාධිපති අරමුදලෙන් පුද්ගලික ගිණුම්වලට මුදල් දාගෙන.. – චන්ද්‍රිකාට එරෙහිව බරපතල චෝදනාවක්..

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය විසින් 2005 වසරේ පැවති ජනාධිපතිවරණයට දෙදිනකට කලින් ජනාධිපති අරමුදලින් පෞද්ගලික අරමුදල් දෙකකට මුදල් ලබා දී ඇති බවත් ඒ ගැන වහා විමර්ශනයක් සිදුකල යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

2005 ජනාධිපතිවරණයට පෙර චන්ද්‍රිකා හිටපු ජනපතිනිය විසින් සිදුකර ඇති එවැනි ගණුදෙනු ගැන අනෙකුත් විමර්ශනයන් ලෙසම පරීක්ෂණ සිදුකල හැකි බවද ඔහු කියා සිටී.

ජනාධිපති අරමුදලේ මෙම මුදල් හිටපු ජනාධිපතිනියගේ පුද්ගලික අරමුදල් දෙකකට මාරු කර තිබුණු බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad