පාකිස්තාන ක‍්‍රිඩක කොන්ත‍්‍රාත් ගිවිසුමෙන් සුපිරි තුනක් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 28, 2016

පාකිස්තාන ක‍්‍රිඩක කොන්ත‍්‍රාත් ගිවිසුමෙන් සුපිරි තුනක් ඉවතට

පාකිස්තාන ( Pakistan ) ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉදිරි වසර සඳහා නව ක‍්‍රිඩක කොන්ත‍්‍රාත් ගිවිසුම් ඊයේ ප‍්‍රකාශ කළා.

නව ක‍්‍රිඩක කොන්ත‍්‍රාත් ගිවිසුමට ක‍්‍රිඩකයන් 30 දෙනෙකු ඇතුලත් අතර ඔවුන් ඛාණ්ඩ 4 කට ඇතුලත් වනවා.

කෙසේවෙතත් මෙම නව කොන්ත‍්‍රාත්තුවෙන් හිටපු 20-20 නායක ශයිඩ් අෆ්රිඩි, ජුනයිට් ඛාන් සහ සයිඩ් අජ්මාල් ඉවත් කර තිබීම විශේෂත්වයක්. පසුගිය වසරේදි අෆ්රිඩිට පළමු කාණ්ඩයේ කොන්ත‍්‍රාත් ගිවිසුමක් හිමිවුණා.

මෙවර පළමු කාණ්ඩයට ඇතුලත් කර ඇත්තේ අසාර් අලි, මොහොමඞ් හෆිස්, මිස්බා උල්හක්, යුනිස් ඛාන්, ශොයිබ් මලික්, සෆ්රාස් අහමඞ් සහ යසිර් ෂා පමණයි.

No comments:

Post a Comment

Post Bottom Ad