ලිංගික සංක්‍රාන්තිකයින් ගැන එජාප මන්ත්‍රීගෙන් ප්‍රශ්නයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 26, 2016

ලිංගික සංක්‍රාන්තිකයින් ගැන එජාප මන්ත්‍රීගෙන් ප්‍රශ්නයක්

ලිංගික සංක්‍රාන්තිකයින් ගැන එජාප මන්ත්‍රීගෙන් ප්‍රශ්නයක්

ඇතැම් අපරාධකරුවන් අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා ලිංගික සංක්‍රාන්තිකයින් බවට (ලිංගික විපර්යාසවලට) පත්ව මෙරට තුළ වාසය කරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රශ්න කර තිබේ.

මන්ත්‍රීවරයා විසින් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දී ඇත්තේ නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසිනි.

එවැනි පුද්ගලයින් මෙරට තුළ වාසය කරන්නේදැයි තමන්ට තොරතුරු ලැබී නැති බවත් කෙසේ වුවද මෙම ප්‍රශ්නය තමන් පොලිසියට යොමුකර ඒ ගැන ප්‍රකාශයක් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

ඇතැම් අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් විදේශගතව සැත්කම් මගින් ලිංගික විපර්යාසවලට ලක්වී නැවත මෙරටට පැමිණ අත්අඩංගුවෙන් බේරී සිටීමට මෙම උපක්‍රමය භාවිතා කරන බවට කතා බහක් සමාජය තුළ මතුව තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad